English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නිදහසේ වේදිකාව නැවතත් වේදිකාවට
දිනාගත් මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් රැකගෙන ඒවා මහජනයා අතරට ගෙනයන වැඩසටහනක් නිර්මාණය කරමින්, බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන ලෙසත් ඉල්ලා, නැවතත් හිස ඔසවමින් එන ජාතිවාදයට හා ඒකාධිපති වාදයට එරෙහිව, නිදහසේ වේදිකාවේ කි‍්‍රයාකාරීත්වය පුලූල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරි කි‍්‍රයාකාරීත්වය පිළිබදව සැලසුම් කිරීම සදහා දිස්ති‍්‍රක්ක 15ක කි‍්‍රයාත්මක නිදහසේ වේදිකාවේ ප‍්‍රධාන කි‍්‍රයාකාරීන් සහභාගීවන විශේෂ වැඩමුලුවක් සැප්තැම්බර් 22 වන දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙම වැඩමුලූවේ දී සිවිල් සමාජය ඇතුලූ මේ රටේ ප‍්‍රගතිශීලී ජනයා විසින් දිනාගත් මානව හිමිකම් ඇතුලූ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතින් සමාජගත කිරීමත්, එම අයිතීන් බුක්තිවිදීමට යොමුකිරීමත්, මෙතෙක් ලබාගැනීමට නොහැකි වූ බලය බෙදීමක් සහිත අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතුලූ සිවිල් සමාජ ඉල්ලීම් දිනා ගැනීමත් ඇතුලූව යහපාලන ආණ්ඩුව නිවැරදි පීල්ලේ ගෙනයාමට අවශ්‍ය බලය යෙදවීම සදහා සමාජ බලවේග ශක්තිමත් කිරීමත් වෙනුවෙන් ගත යුතු කි‍්‍රයාමාර්ග පිළිබදව මෙම වැඩමුලූවේ ප‍්‍රධාන අවධානය යොමු කරන බවත්, ඉදිරි මාස 3 සදහා කි‍්‍රයාකාරී සැලැස්මක් මෙම සමුලූවේ දී ගොඩනගන බවත් එහි සංවිධායකයෙකු අයිතිය සමග පැවසීය.

   

 




2018-09-20
Advertisement

Find us on Facebook