English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


තොරතුරු ලබා නොදෙන ආයතනවලට එරෙහිව නඩු - RTI අධ්‍යක්ෂ ජනරාල්


තොරතුරු දැනගැනීම සඳහා මෙතෙක් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලද නමුත් ලබන වසරේ සිට තොරතුරු ලබා නොදෙන ආයතනවලට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ගය ගන්නා බවත්, කොමිසම නඩුවක් විභාග කරද්දී ඊට පෙනී නොසිටීමත් දුන් නියෝග කි‍්‍රයාත්මක නොකිරීමත් දෑවුරුද්දක සිර දඩුවමකට හා රුපියල් පනස් දහසක දඩයකට යටත් කළ හැකි වරදක් යැයි ද තොරතුරු දැනගැනීමේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා ප‍්‍රකාශ කළාය.

ජාත්‍යයන්තර තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් දිනයට සමගාමීව තොරතුරු අයිතිය හා තොරතුරු නීතිය පිළිබඳ සන්නිවේදනයේදී මාධ්‍යවේදියාගේ කාර්යභාරය මැයෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් සංවිධානය කළ උත්සවයේ ප‍්‍රධාන දේශනය පවත්වමින් තොරතුරු දැනගැනීමේ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා මේ බව ප‍්‍රකාශ කර සිටියාය.

ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, හැකි තරම් තොරතුරු දැනගැනීමේ අයැදුම්පත් පොදු අධිකාරීන්ට යොමු කරන්නැයි ජනතාවගෙන් තමා ඉල්ලා සිටින බවත්, ඇතැම් රාජ්‍ය සේවකයන් තොරතුරු යනු තම පුද්ගලික බූදලයක් යැයි සිතා සිටින බවත් පැවසූ රණසිංහ මහතා, තොරතුරු ලබා දීමේ දී දකුණු ආසියාවේ හොඳම ප‍්‍රතිචාරය ඇත්තේ ලංකාවේ යැයි ද පවසා සිටියාය.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනයට සමගාමීව RTI සතිය නමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබදව දැනුවත් කිරීම හා ජනගත කිරීම සදහා විවිධ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබේ.

ඒ අනුව සැප්. 20 උදේ 10ට තොරතුරු සතිය සම්බන්ධයෙන් පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ද, සැප් 21 උදේ 10.30 මේ සම්බන්ධව සැකසූ වීදි නාට්‍ය ප‍්‍රදර්ශණයක් කොටුව දුම්රියපොල අසල හා එදින සවස 4.30 මේ සම්බන්ධව සකසා ඇති කෙටි චිත‍්‍රපටයක් තරංගනී සිනමා ශාලාවේ දී පැවැත්වීමට සූදානම් කර තිබේ.

සැප් 27 උදේ 9ට තොරතුර පනත සම්බන්ධව සිදුකරන ලද පර්යේෂණ කෘතිය එලි දැක්වීම ජානකී හෝටලේයේ දී හා සැප් 28 උදේ 10ට තොරතුරු දැනගැනීම සම්බන්ධව ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය නෙලූම්පොකුණ රගහලේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.






2018-09-18
Advertisement

Find us on Facebook