English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


නාවික හමුදා පැහැර ගැනීමට දස වසරයි. මාපියන් තවමත් අතරමග!

තරුණයින් 10 දෙනෙකු නාවික පැහැරගෙන යාමත් සම්බන්ධයෙන් සිදුවීමට දස වසරක් පිරීම වෙනුවෙන් එම තරුණයන්ගේ පවුල්වල ඥාතීන් ඊයේ (2018 සැප්තැම්බර් මස 18) දින කොළඹ තිබෙන විශේෂ තානාපති කාර්යාල වෙත ඔවුන්ගේ ජීවිත පිළිබඳ තොරතුරු ඉල්ලා පෙත්සමක් බාරදීම අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව සංවිධානය මැදිහත් වීමෙන් සිදු කළේය.

       

නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වූ චන්දන ප‍්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් මෙම පැහැර ගැනීම් සහ ඝාතනයන් සඳහා නායකත්වය දී තිබෙන අතර ඔහු මේ වන විට අත්අඩංගුවේ පසුවනවා. මෙම සිදුවීම සිදුවූයේ 2008 - 2009 යුද්ධයේ අවසන් කාලයේදීයි. ඔවුන්ගේ මළ සිරුරු කිසිදිනක හමුවූයේ නැත. එම තරුණයන් 11 දෙනා අතර, සිසුන් 04 ක් ද සිටි බව වාර්තා වෙනවා. වර්තමාන ආරක්ෂක මාණ්ඩලිය ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්නට මේ සඳහා චෝදනා ලද පුද්ගලයන්ට විදේශගත වීම සඳහා සහය ලබා දීම නිසා රහස් පොලිසියට ප‍්‍රකාශයක් ලබා දීම සඳහා උසාවිය විසින් නියෝග නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු විදේශ ගත විය. මෙම සිදුවීමත් ජනාධිපතිවරයා විසින් හමුදා නිලධාරීන් සම්බන්ධ තොරතුරු අධිකරණයට ලබා දීම නවතාලීමත් නිසා හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් තිබෙන නඩු දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත් ව ඇත. ඒ නඩු අතර මෙම 11 දෙනාගේ නඩුව, ප‍්‍රගීත් එක්නැළිගොඩගේ නඩුව, ලසන්ත වික‍්‍රමතුංගගේ නඩුව ප‍්‍රධානය.

කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලය, එක්සත් ජාතීන්ගේ කාර්යාලය , එක්සත් ජනපද තානාපති කාර්යාලය, යුරෝපා සංගම් මහකොමසාරිස් කාර්යාලය, එක්සත් රාජධානී තානාපති කාර්යාලය, සුවිස් තානාපති කාර්යාලයට මේ සම්බන්ධයෙන් වූ පෙත්සම භාරදීම ඊයේ සිදු විය.

වීඩියෝව පහතින්...


 




2018-09-18
Advertisement

Find us on Facebook