English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කිරිදරුවන්ගේ බැංකු ගිණුම් පොලියටත් ආණ්ඩුවෙන් බදු!


විජේරත්න මහතා ගාල්ල ප්‍රදේශයේ ජීවත්වන වවිශ්‍රාමික පොලිස් නිලධාරියෙකි. ඔහු තම මුණුපුරුල මිණිපිරියන්ගේ අනාගත අභිවෘද්ධිය පිණිස ඔවුන්ගේ නම් වලින් ලංකා බැංකුවේ රන් කැකුළු ඉතිරි කිරීමේ ගිණුම් කිහිපයක් ආරම්භ කරන්නේ දැනට අවුරුදු කිහිපයකට පෙරය. අනතුරුව මාසිකව තමන්ට ලැබෙන විශ්‍රාම වැටුපෙන් යම් මුදලක් එම ගිණුම් වල තැන්පත් කිරීම ඔහු දෙනෙිකව කර තිබුනි.

මේ ආකාරයෙන් ටික කලක් ගත වන විට 2018 වසරේ අප්‍රේල් මස සිට එම ගිණුම් වල තැන්පතු මුදලට ලැබෙන පොලී මුදලෙන් යම් මුදල් ප්‍රමාණයක් බැංකුව විසින් අය කර ගනු ලබන බව ඔහුට නිරීක්ෂණය වී තිබේ. මේ පිළිබඳව ඔහු වහාම ලංකා බැංකුවෙන් විමසා සිටී විට ඊට පිළිතුරු ලෙස ලංකා බැංකුවේ ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලය ඔහු වෙත ලිපියක් එවමින් දන්වා සිටින්නේ ඒ ආකාරයෙන් බාලවයස්කාර ගිණුම් වල තැන්පතු මුදලට ලැබෙන පොලියෙන් මුදලක් ආපසු අය කර ගනු ලබන්නේ රඳවා ගැනීමේ බදු ලෙස බවත් එය සිදු කරනු ලබන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මූල්‍ය ආයතන වෙත ලබා දී තිබෙන උපදෙස් වලට අනුකූලව බවත් යැයි දන්වා තිබේ.

යහපාලන ආණ්ඩුව විසින් 2017 අංක 24 දරණ නව දේශීය ආදායම් බදු පනත හදුන්වාදෙමින් ප්‍රකාශ කර සිටියේ මෙම නව බදු ප්‍රතිපත්තිය මගින් ධනවතුන්ගෙන් වැඩියෙන් බදු අයකර සාමාන්‍ය ජනයා වෙත සහන සැලසීම මෙහි මූලික අරමුණ බවයි. ඒ් අනුව මෙම  පනත 2018 අප්‍රේල් 01 වන දින සිට ක්‍රියාත්මක වූ අතර, මේ නව බදු පනත මගින් බැංකු හා මූල්‍ය ආයතන වල සෑම පුද්ගලයකුගේම තැන්පතු ගිණුමකට ලැබෙන පොලියෙන් 5‍%ක ප්‍රතිශතයක් රජය බදු ලෙස අයකර ගැනීම සිදු විය.

නමුත්, මෙම පනත මගින් ජෙෂ්ඨ පුරවැසියන්ට යම් සහනයක් ලබා දී තිබුනි. එනම්, ඔවුන්ගේ තැන්පතු ගිණුම් වලට ලැබෙන පොලිය රුපියල් ඒක්ලක්ෂ පනස්දහස (150,000) දක්වා ඉහත බද්දෙන් නිදහස් කර තිබීමයි.

විජේරත්න මහතා ගේ මුණුපුරු.,මිණිපිරියන්ගේ වසය පිලිවෙලින් අවුරදු 1, 2, 7, 11 නම් වේ. මේ දරැවන්ගෙන් බදු අයකර ගැනීම යහපාලන රජය බදු පණත හදුන්වාදෙමින් ඉදිරිපත් කළ අරමුණු සමග සම්පුර්ණ පරස්පරය.    

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් සහනය මෙම බාලවයස්කරුවන් වෙත ලබා දීමට යහපාලන ආණ්ඩුව ක්‍රියා නොකළේ මන්ද යන්න අවධානයට ගත යුතු කරුණකි.





2018-09-16
Advertisement

Find us on Facebook