English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජනාධිපතිධූරය අහෝසි කරන්න දැන් වුවමනාවක් නැහැ...ජෙහාන් පෙරේරා


මගේ අදහස වෙන්නේ ජනාධිපතිධූරයේ හොඳ දේවල් තියෙනවා. එහි තිබෙන බලතල අඩු කරන්න  ඕනා. 19 වෙනි සංශෝධනයේ ඒවා අඩු වෙලා තියෙනවා. ඒ නිසා මට එච්චර වුවමනාවක් නැහැ ජනාධිපතිධූරය අහෝසි කරන්න. සමහර සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්ට විශාල වුවමනාවක් තියෙනවා ඒක අහෝසි කරන්න.”

දශක ගණනාවක් තිස්සේ සාම කි‍්‍රයාවලියේ කි‍්‍රයාත්මක වෙමින්, විවිධ අත්දැකීම් බලමින්  අත්දැකීම් බහුල ජාතික සාම මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක ආචාර්ය ජෙහාන් පෙරේරා මහතා එසේ ප‍්‍රකාශ කළේ අයිතිය වෙබ් අඩවිය සමග පැවති සාකච්ඡාවකදීය.

” ජනාධිපතිධූරය අහෝසි කරන එක සහ බලය බෙදන එක ගැන සෑම සිවිල් සංවිධානයක්ම, පුද්ගලයෙක්ම එක විදියට හිතන්නේ නැහැ. මගේ අදහස වෙන්නේ ජනාධිපතිධූරයේ හොඳ දේවල් තියෙනවා. එහි තිබෙන බලතල අඩු කරන්න  ඕනා. 19 වෙනි සංශෝධනයේ ඒවා අඩු වෙලා තියෙනවා. ඒ නිසා මට එච්චර වුවමනාවක් නැහැ ජනාධිපතිධූරය අහෝසි කරන්න.

සමහර සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්ට විශාල වුවමනාවක් තියෙනවා ඒක අහෝසි කරන්න. මම හිතන විදියට ජනාධිපතිධූරයේ වැදගත් කම වෙන්නේ එක මැතිවරණයකදි මුළු රටම එක තනතුරක් දෙස බලනවා. මුළු රටම පුද්ගලයන් කිහිප දෙනෙක් දිහා බලනවා. එහි යම් එක්සත්භාවයක් තියෙනවා. ගිය ඡන්දේ බලනකොට, පෙර පැවති ජනාධිපතිවරණ බලනකොට උතුරු නැගෙනහිර ඡන්ද දිහා අපි බලාගෙන හිටියා. ඒක හරි වැදගත්. අපි සතුටු වෙනවා ඒ ඡන්ද එක පැත්තකට යනකොට. තවත් කෙනෙක් අකමැතිවෙයි ඒ ඡන්ද එක පැත්තකට යනකොට. අපි බලනවා කොයි පැත්තටද උතුරු නැගෙනහිර ඡන්ද දාන්නේ.

ඒකෙන් යම් කිසි එක්සත් භාවයක් රටට ලැබෙනවා. බලය බෙදා ගැනීම ගැන නම් සිවිල් සමාජය එක ස්ථාවරයක ඉන්නවා. ඒ කි‍්‍රයාවලියේ අලූතින් ප‍්‍රගතියක් නෑ. ඒක අඩුයි. නමුත් අපි දන්නවා මේවා අර්බුදකාරී දේවල්. මේ බලය බෙදා හැරීම ආණ්ඩුවට කරන්න තිබුනා 2015 දීම. ඒක ප‍්‍රමාද කරපු නිසා දැන් ඒක අමාරුයි. නමුත් ඒක කළ යුතුයි. අපි ජනතාවට ගිහින් මේ පණිවිඩය දෙනවා මේක කළ යුතුයි කියලා. ”

ඔහු සමග කළ සම්පුර්ණ සාකච්ඡාව සෙනසුරාදා (15) අයිතිය වෙබ් අඩවිය තුලින්  




2018-09-13
Advertisement

Find us on Facebook