English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


“නාමල්ගේ මුට්ටිය බිඳුනා, රාජපක්ෂගේ සායම ගියා, ආණ්ඩුවට පිච් එක හැදුනා” - චමීර පෙරේරා

“රාජපක්ෂ වරුන්ගේ මේ ජනබල ව්‍යාපාරයේ අරමුණ උනේ, නාමල් රාජපක්ෂව පිම්බීමයි. තවත් ආකාරයකින් රාජපක්ෂ කඳවුරේ තිබෙන බල අරගලය ප්‍රකාශ වීමක්ද එහිදී සිද්ද වුනා. මේ දක්වාම පොදුජන පක්ෂය සමග සිටි බැසිල් රාජපක්ෂ හිටි හැටියේම මෙයින් ඉවත් වුනා. ඒ වෙනුවට නාමල් රාජපක්ෂ මේකට ආදේශ වෙනවා. අන්තිමේදී නාමල් මුට්ටියක් උනා, ඒ මුට්ටිය බිඳුනා, මහින්දගේ සායම ගියා, අන්තිමේදී ආණ්ඩුවට අවශ්‍ය විදියට පිච් එක හැදුනා.” යැයි චමීර පෙරේරා මහතා ඊයේ පැවති රාජපක්ෂ වරුන්ගේ ජන රැළිය ගැන අදහස් දක්වමින් “අයිතියට” පැවසීය.

“නාමල් රාජපක්ෂ මේක සංවිධානය කරනකොටම අපි කිව්වා, මේකට සහබාගී වන්නේම, රාජපක්ෂවරු නිර්මාණය කරපු, නන්නත්තාර පංතිය කියලා. ඒක ඉතාම හොඳින් අපි ඊයේ දැක්කා. එකෙන් පේනවා රාජපක්ෂවරුන්ට තවදුරටත් මහජනතාව ඉන්නවා කියන එක තාර්කික පදනමක් නෙමේ කියලා.

අනෙක් පැත්තෙන් ආණ්ඩුව කිසිසේත්ම රාජපක්ෂ වරුන්ගේ ජන බලයට බියවිය යුතු නෑ. මේ මොහොතේදී අධිකරණ ක්‍රියාමාර්ග වේගවත් කරමින්, යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය දැන් රජය සතුව තියෙනවා.”

වීඩියෝව පහතින්...


 




2018-09-06
Advertisement

Find us on Facebook