English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


20 සම්බන්ධයෙන් ජ.වි.පෙ ට ජනරංජනගෙන් චෝදනාවක්!

“ආණ්ඩුව විසින් නව ව්‍යවස්ථා සංශෝධනයක් කරා ගිය ගමන යම් තැනක හිර වීම නිසා ජ.වී.පෙ ට  සිද්ධවෙනවා අඩුම ගානේ විධායක ජානාධිපති ක්‍රමයවත් අහෝසි වන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයවත් ගෙන්න. එතකොට අලුත් ව්‍යවස්ථාවක් ගේන්න වෙහෙස වෙච්ච අපිට ගන්න තියෙන ස්ථාවරය මොකක්ද? අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යන්න බැරිනම්, එහි ඇති මුලික කාරනාවක්වත් ඉෂ්ඨ කරගැනීම සඳහා අපටත් සිද්ධ වුනා 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්න.

නමුත් අවාසනාවකට රටේ දේශපාලන පක්ෂ දෙකම මේ කාරණයේදී මඟ ඇරියා. ජනතා විමුක්ති පෙරමුණත් අපි බලාපොරොත්තු වූ තරමටම 20 වන සංශෝධනය ඉදිරියට දමාගෙන මහජතාව සමඟ ප්‍රමාණවත් සංවාදයක යෙදෙන බවක් පෙනෙන්නට නෑ. ඒක ඔවුන්ට එල්ල කරන බරපතල විවෙචයක් බව කිව යුතුයි.

නමුත් ප්‍රධාන මාධ්‍යවලින් නොපෙනුනාට සිවිල් සංවිධාන වලින් හා වමේ දේශපාලන පක්ෂවල සහාබාගීත්වයෙන් මහජතාව සමග මෙම 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කෙරෙමින් යන සාකච්ඡා මාලාවක් රට පුරා දියත් කළා.” යැයි ප්‍රවීණ මාධ්‍යවේදී, “අනිද්දා” පුවත්පතේ ප්‍රධාන කතෘ කේ. ඩබ් ජනරංජන මහතා “අයිතිය” වෙබ් අඩවිය වෙත ප්‍රකාශ කළේය.  

කෙසේ වෙතත් ඊයේ (5) 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ජනතා විමුක්ති පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.

එම අදහස් දැක්වීම පහත වීඩියෝවෙන්...


 




2018-09-06
Advertisement

Find us on Facebook