English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව ජනපතිට පිළිගන්වයි

       

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයා බැලීම සඳහා ස්ථාපිත කරන ලද අතුරුදන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අතුරු වාර්තාව අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත එහි සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් වාර්තාව භාරදෙනු ලැබීය.

ජාත්‍යයන්තර අතුරුදහන් තැනැත්තන් පිළිබඳව වූ දිනය සමරමින් මෙම වාර්තාවට අත්සන් තබන ලද්දේ පසුගිය අගෝස්තු 30 වෙනි දිනයි.  දිස්ත්‍රීක් මට්ටමින් කළ ගවේශනයන් මෙන්ම මීට පෙර විවිධ කොමිෂන් විසින් සහ ආයතනයන් විසින් පළ කරන ලද තොරතුරු වාර්තා ද, මේ සඳහා උපයෝගී කරගන්නා බව සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විසින් පසුගිය දින ප‍්‍රකාශ කරන ලදි. 1987 භීෂණ සමයේ දී අතුරුදහන් වූ, දශක තුනක යුද සමයේදී අතුරුදහන් වූ සිවිල් වැසියන් මෙන්ම ක්‍රියාන්විත කාර්යයන්වලදී අතුරුදහන් වූ යුද සෙබළුන්ගේ වාර්තාවන් ද මෙහි ඇතුළත්ව ඇති බව ඔහු එහිදී ප‍්‍රකාශ කළේය. 

වාර්තාවන්හී ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට හැකි පමණ උත්සාහ කිරීම රජයේ සහ අතුරුදහන් වූ තැනැත්තන් වෙනුවෙන් වූ කාර්යාලය මුහුණ දෙන අභියෝගයයි. මෙතුවක් පැමිණි සියළු රජයන්ම මෙම ක්‍රියාත්මක කිරීමේදී දුර්වල විය. ඒ නිසා මෙම අවස්ථාවේදී එය ජයගැනීමට අයිතිය සියළු මානව හිමිකම් ප‍්‍රජාවන් සමග අත්වැල් බැඳගන්නා බව අවධාරණය කරමු.    





2018-09-05
Advertisement

Find us on Facebook