English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සැමියා අතුරුදන් වී පස් වසරයි, මයුරි නැවතත් මහ පාරේ...

අද දින ( සැප්තැම්බර් 04 ) ගාලූමුවදොර අද්දර ගිනි අව්වේ ඇයව අපට හමුවිය. ඇය ගාලූමුවදොර මෙලෙස සත්‍යක්‍රියා කරන්නේ තුන්වෙනි වරටයි. අද ඇය මුළු රැය පහන් කරන්නේ ද එහිමයි. දරුවන් දෙදෙනෙකු ද සමග ඇය මෙම අසීරු ක්‍රියාවේ යෙදෙන්නේ 2013 සැප්තැම්බර් 02 වන දින අනුරාධපුර නගරයේ දී දෙනෝදාහක් ඉදිරියේ සුදුවෑන් රථයකින් පැහැර ගෙන ගිය තම සැමියා ගැන තොරතුරක් දැන ගැනීමටයි. එම සිදුවීම සිදු වී අදට අවරුදු පහක් ගත වී ඇත. මයුරි ඉනෝකා ජයසේනගේ සැමියා වූ මධුෂ්ක හරිස් ද සිල්වා පැහැර ගෙන යද්දී ඔහුගේ තවත් මිතුරන් දෙදෙනෙකු ද පැහැර ගෙන ගිය අතර, එලෙස පැහැර ගෙන යද්දී පැහැර ගිය කණ්ඩායම ඔවුන් සතුව තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හැඳුණුම්පත් ද රැස්ව සිටිය පිරිසට පෙන්වන ලදි. පසුව මිතුරන් දෙදෙනා නිදහස් කළද මධුෂ්කව නිදහස් කෙරුණේ නැත. මිතුරන් පවසන පරිදි ඔවුන්ව පැහැර ගත්තාට පසුව මාංචුද අත්වලට දමා ඇත. සිදුවීම සිදුවන විට 07 මස් ගැඹිණියක්ව සිටි මයුරි ඉන් මාස දෙකකට පසුව නිවුන් දරුවන් දෙදෙනෙකු ලැබුවාය.

මේ සඳහා හිටපු පොලිස්පති හිටපු පොලිස්පති ඉලංගකෝන්ගේ සෘජු දායකත්වයක් ලැබී ඇති අතර, සුදුවෑන් කල්ලිය රාජගිරිය එස්.ටී.එෆ්. කෑම්ප් හී නදීක සිල්වා යන අය බවට තොරතුරු ලැබී ඇත. වාහනයේ අංකය ද ඔවුන් සතුව ඇත. මේ සම්බන්ධයෙන් පොලිසියට කිහිප වතාවක් පැමිණිලි සිදුකොට ඇත. නමුත් පරීක්ෂණ ඉදිරියට නොයෑම ගැන ගැටළු සහගත තත්ත්වයක් මතුව ඇත. 2014 නොවැම්බර් 01 වැනිදා ඇයවත් සුදුවෑන් රථයකින් පැහැර ගෙන ගොස් පසුව නිදහස් කළේය. පැහැර ගෙන ගිය වාහනය තුළදී ” උඹේ කට වැඩියි. උඹ ජීවත්වෙනවද මැරෙනවද කියන එක උඹ තීරණය කරන්න  ඕනි. උඹ ස්ටේජ් ගානේ නැග්ගට වැඩි දුර යන්න දෙන්නේ නැහැ. මහත්තයා ගැන හොයන එක නතර කරපන්” ලෙස තර්ජනය කළ බවත් ඇය පැවසුවාය. එමෙන්ම වත්මන් රජය යටතේ ද 2016 සැප්තැම්බර් 01 වෙනි දින දරුවන් සමග උද්ඝෝෂණය කළ වරදට ඇයට එරෙහිව නඩු පවරන්නේ අයුතු ජනරාශිය සහ පොලිසියේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ය.

       

තමන්ට සහ දරුවන්ට සැමියාට සහ පියාට සිදුවූයේ කුමක්ද කියා දැනගැනීමට අයිතියක් තිබෙන බව පවසන මයුරී රජයටත් ඒ සම්බන්ධයෙන් වගකීමක් තිබෙන බව පැවසුවාය. යහපාලන රජයෙන් ඇයට සහනයක් ලැබේ යැයි ඇය බොහෝ බලාපොරොත්තු තබා ගෙන සිටියත් තමන්ට කිසිම තැනකින් තමන්ට සාධාරණයක් නැතැයි පැවසූවාය. ගැහැණියක් වශයෙන් තමන් බොහෝ දුක් විඳින බව පැවසුවාය. මේ සිදුවීම් නිසා ළමයින්ගේ අධ්‍යාපන කටයුතුත් අඩපණ වී ඇති බවත් ඔවුන්ට පාසැලක් පවා සොයා ගැනීමට අපහසුවී ඇති බවත් ඇය පැවසුවාය.

වීඩියෝව පහතින්....


 




2018-09-04
Advertisement

Find us on Facebook