English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රාජ්‍ය අනුග‍්‍රහයෙන් ප‍්‍රථමවරට අතුරුදහන් වුවන්ගේ ජාත්‍යයන්තර දිනය සැමරේ...

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරන ලද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දින වැඩසටහන අගෝස්තු මස 30 වන දින කොළඹ, ජේ.ආර්.ජයවර්ධන මධ්‍යස්ථානයේදී පවත්වන ලදි. මේ සඳහා අතුරුදහන් වූ පවුල්වල ඥාතීන් විශාල පිරිසක් උතුරු, දකුණ නියෝජනය කරමින් සහභාගි වූ අතර, සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, තානාපති කාර්යාල  නියෝජනය කරමින් සහභාගි විය.

වැඩසටහන ජාතික ගීය සිංහල, දෙමළ භාෂාවෙන් ගායනා කරමින් වැඩසටහන ආරම්භ කළ අතර ඉන් අනතුරුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ වූ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කාර්යාලය විසින් ඉදිරිපත් කිරීමට නියමිත නිර්දේශයන් සැකෙවින් ඉදිරිපත් කරන ලදි. අතුරුදහන්වීම් පිළිනොගන්නා කොටස් සමාජයේ තවමත් ඉන්නා බවත්, සියළු ජාතීන්, සියළු ආගම්, සියළු දේශපාලන කොටස් නියෝජනය වන අයුරින් මෙම අතුරුදහන්වීම් සිදුවී ඇති බවටත් ඔහු ප‍්‍රකාශ කලා.

 






 

මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය වූ ආචාර්ය දීපිකා උඩගම විසින් වැඩසටහනේ ප‍්‍රධාන දේශන සිදුකරන ලදි. ඇය එහි අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ක්‍රියාකාරිත්වය ගැන ප‍්‍රසංසා මුඛයෙන් කතා කලාය. අතුරුදහන්වීම මානව හිමිකම් උද්ලංඝනයවීම්වලින් ඉතාම කුරුරු අවස්ථාවක් බව සඳහන් කළ ඇය එය එම පවුල්වලටත් මානව සමාජයටත් විරුද්ධව සිදුකරන අපරාධයක් බව ඇය අවධාරණය කළාය. එමෙන්ම ස්වාධීන ආයතනයක් ලෙස නම් කළ ද රජය මත යැපෙන බැවින් ආයතනයක් වශයෙන් මානව හිමිකම් කොමිසම මෙන්ම අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විශාල අභියෝග රැසකට මුහුණ දෙන බව සඳහන් කලාය.

මෙම වැඩසටහන තුලදී අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල ඥාතීන් විසින් තමන්ගේ අත්දැකීම් සමූහයා සමග බෙදා හදා ගැනීමට අවස්ථාවක් සලසන ලදි. 1989-1990 කාලයේ දකුණේ සිදුවූ සිදුවීම්වලදී පීඩාවට පත් කාන්තාවක්, දශක තුනක යුද වාතාවරණයේදී වින්දිතයන් බවට පත්වූ දෙමළ කාන්තාවක්, මුස්ලිම් කාන්තාවක් සහ හමුදා සොල්දුවෙක් වූ තම පුතා අතුරුදහන්ව සිටින දකුණේ මවක්ද අදහස් දැක්වූහ.

ජනතා කලාකරු ජයතිලක බණ්ඩාර සහ කණ්ඩායම විසින් සිංහල සහ දෙමළ ගීත කිහිපයකින් වැඩසටහනට තවත් ගැඹුරක් එක් කරන ලදි.

වීඩියෝව පහතින්...


  




2018-08-31
Advertisement

Find us on Facebook