English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ලංකාවේ මානව හිමිකම් ගැන විශේෂ වාර්තා දෙකක් මානව හිමිකම් කවුන්සලයට

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ ක්‍රියාකාරි කමිටු දෙකක් විසින් සැලසූ විශේෂ වාර්තා දෙකක් ලබන මාසයේදී ජිනීවාහී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවට ඉදිරිපත් කරන බව තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ජිනීවා නුවරදී සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා තෙක් පැවැත්වෙන මානව හිමිකම් කවුන්සලයේ 39 වැනි මහ සභා සැසිවාරයේදී ලංකාව සම්බන්ධයෙන් වන මෙම විශේෂ වාර්තා සභාගත වනු ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටියි.

බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ කි‍්‍රයාකාරී කමිටුව හා සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වලක්වා ගැනීම් පිළිබඳ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී. ග‍්‍රීෆ් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකසූ වාර්තා දෙකක් මෙලෙස මානව හිමිකම් කවුන්සිලයට හමුවේ සභාගත කෙරේ.

බලහත්කාරයෙන් රඳවා ගැනීම් පිළිබඳ සොයා බැලීමේ ක්‍රියාකාරී කමිටුවේ නියෝජිත පිරිසක් ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර එහිදී මෙරට පැවති මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ලබාගත් තොරතුරු අනුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සකසා ඇත.

එම වසරේ ඔක්තෝම්බර් මාසයේදී සත්‍ය, සාධාරණත්වය, වන්දි ගෙවීම් සහ නැවත සිදුවීම් වලක්වා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩී ග්‍රීෆ් විසින් මෙරට සිදුකළ සංචාරයකින් පසුව සිය විශේෂ වාර්තාව සකසා ඇතැයි ද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.

මෙම එක්සත් ජාතීන් විශේෂ කමිටු දෙකක් විසින් සැකසූ විශේෂ වාර්තා මානව හිමිකම් කවුන්සල සැසියේදී සභාගත කිරීමෙන් පසුව එහි සමාජික රටවල් ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් පූර්ණ සමාලෝචනයක් සිදු කිරීමට නියමිතය. ලංකාව වෙනුවෙන් වෙන වන කෙටි කාලයක් වන අතර මේ කාලය අතරතුරදී වාර්තාවන් ඉදිරිපත් කිරීමත්, ඊට මානව හිමිකම් කවුන්සලයේ ප‍්‍රතිචාරත්, ලංකාවේ ප‍්‍රතිචාර ලබාදීමත් සිදුවේ. මේ සම්බන්ධයෙන් ලංකාව නියෝජනය කරමින් සහභාගි වන රාජ්‍ය හා රාජ්‍ය නොවන නියෝජිතයන් සම්බන්ධයෙන් තවමත් වාර්තා වී නොමැත.




2018-08-28
Advertisement

Find us on Facebook