English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


පරික්‍ෂණ කටයුතුවලට සහය දක්වන්නැයි ශ‍්‍රි ලංකාවට ඉල්ලිමක්



එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම මගිිින් ශ‍්‍ර‍්‍රීී ලංකාවේ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පවත්වනු ලබන ජාත්‍යන්තර පරික්‍ෂණ කටයුතු තමන් වැඩි අවධානයකින් හා වැදගත්කමකින් යුතුව ඉදිරියට ක‍්‍රියාත්මක කරගෙන යන බව දන්වා සිටින නව මානව හිමිකම් මහ කොමසාරිස් ජෝර්දානයේ සෙයිඞ් අල්-හුසෙන් කුමරු, එම පරික්‍ෂණවලට සහය දක්වන ලෙසට ශ‍්‍රි ලංකා රජයෙන් ද ඉල්ලා සිටියි. 

මේ වන විට ලෝක මාධ්‍ය වෙත පිටපත් මුදාහැර ඇති, අද, එනම් සැප් 08 වන දා ආරම්භ කරනු ලබන මානව හිමිකම් කොමිසමේ 27 වැනි සැසිවාරය ආරම්භ කරමින් මහ කොමසාරිස්වරයා විසින් පැවැත්වීමට නියමිත සිය දේශනයේ මේ බැව් සඳහන්කර ඇත.

යුක්තිය හා සංහිදියාව වෙනුවෙන් ක‍්‍රියාත්මක කරනු ලබන මෙම පරික්‍ෂණයට සහය වන ලෙසට ශ‍්‍රි ලංකා රජයෙන් ඉල්ලා සිටින, පසුගිය පළමුවෙනි දා සිය මහ කොමසාරිස් ධුරයේ වැඩ භාරගත් සෙයිඞ් අල්-හුසෙන් කුමරු, ශ‍්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්‍ෂාව වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයින්ටත් වින්දිතයින්ටත් මෙන්ම සාක්‍ෂිකරුවන්ටත් එල්ලවන තර්ජන පිළිබඳව තම අවධානය යොමුවී ඇති බව සඳහන්කර ඇත. 

එමෙන්ම, මුස්ලිම් හා ක‍්‍රිස්තියානි සුළුතර ප‍්‍රජාවට එරෙහිව එල්ලවන ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන් හෙළා දකින බවද අද ඉදිරපත් කිරිමට නියමිතය සිය දේශනයේ සටහන්කර ඇත.

එරට වෙලාවෙන් අද පෙරවරු 9 ට ආරම්භකරනු ලබන 27 වන සැසිවාරය සැප්තැම්බර් 26 වනදා තෙක් පවත්වනු ලබයි.

හිටපු මහ කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මිය ලංකාවට එරෙහි මතයක සිටිමින් පරික්‍ෂණ පැවැත්වුයේයැයි ප‍්‍රකාශ කළ ශ‍්‍රි ලංකා ආණ්ඩුව, නව ධුරයට පත් සෙයිඞ් කුමරු ආණ්ඩුව සමඟ අවබෝධයක සිටිමින් ක‍්‍රියාකරනු ඇතැයි මහත් බලාපොරොත්තුවක් තබා සිටියහ.(MMP)

ඡායාරූප  -  අන්තර්ජාලයෙන්




2014-09-08
Advertisement

Find us on Facebook