English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


අපිට ඉතිරිවෙලා තියෙනවා හිරි වැටිච්ච සමාජයක් සහ කුණු වෙච්ච රාජ්‍යයක්.

රළු නැති, කුරිරු නැති, නොමරා මරණ මේ වධකාගාරයෙන් නිදහස් වන්නේ කෙසේද යන්නෙන් වික්ටර් අයිවන් මහතා විසින් පසුගියදා කේ පොයින්ට් නව කතාව එලි දැක්වීමේ උත්සවයට සහබාගී වෙමින් සිදුකල කතාවේ කොටසකි.   

“ලංකාවේ වෙච්ච කැරළිවලට හේතු තිබුනා. නිකම්ම උඩින් පහළ වුනේ නෑ. ඒ කැරළි තවදුරටත් රටේ ප‍්‍රශ්න අවුල් කලා. කැරළි සහ කැරළි මර්ධන කිරීම් .භීෂණය වර්ධනය කලා. සමාජයේ ප‍්‍රගමනය දුර්වල කලා. අවසානයේ අපිට ඉතිරිවෙලා තියෙනවා හිරි වැටිච්ච සමාජයක් සහ කුණු වෙච්ච රාජ්‍යයක්. ඒ දෙකෙන් අපි ගොඩ එන්නේ කොහොමද? කැරැල්ලකින්ද? ප‍්‍රචණ්ඩත්වයෙන්ද? එහෙම නැත්නම් ප‍්‍රභාකරන් සහ විජේවීර කරළියට ගෙනාපු කැරැල්ල වෙනුවට, වෙනත් ආකාරයක මහජන කැරැල්ලක්ද?

වෙනත් ආකාරයක මහජන කැරැල්ලක් කියලා කියන්නේ හිංසාව නැති, වෛරය, ක්‍රෝධය නැති, මේ රටේ ජාතිය ගොඩනැගීම අරමුණු කරගත්, හිංසාවෙන් තොරවු මේ රටේ රාජ්‍යය හා සමාජය නැවත ගොඩනගන මහජනයාගේ වැඩ සටහනක්.

ඒක කැරැල්ලක්. එකේ හිංසාව නෑ.වෛරය නෑ. ක්‍රෝධය නෑ. මම හිතනවා ලංකාව අද පසුවෙන්නේ මේ රටේ දේශපාලකයින්ටවත්, මේ ක‍්‍රමය ඇතුළේ බලයට එන අනාගත ජනාධිපතිවරයෙකුටවත්, ක‍්‍රමයෙන් පිටස්තරව ආ තරමට නිර්මාණශීලීවීම මගින් විසඳාගත යුතු මහා අර්බුදයකයි අපි ඉන්නේ. ඇත්ත වශයෙන්ම බොහෝම ජනප්‍රිය විශ්වාසයක් තමයි මොකක්දෝ එකක් පස්සේ යනවා වගේ 2020දී වත් අපිට පුළුවන් වෙයිද? තවත් හොඳ ජනාධිපතිවරයෙක් පත් කරගන්න. බලයට පත්වෙන කිසිම පුද්ගලයෙකුට කවර ආකාරයේ වෙනසක්වත් ඇති කරන්න පුළුවන් තත්ත්වයක නෙමෙයි රාජ්‍යය තියෙන්නේ. රාජ්‍යයේ හැම අංශයක්ම, ව්‍යවස්ථාදායකය, අධිකරණය ද, නිලධාරී තන්ත‍්‍රයද, මේ හැම තැනක්ම තියෙන්නේ උපරිම වශයෙන් කුණුවෙච්ච තැනක.

“කේ පොයින්ට්” පොතේ තියෙනවා සජීවී වධකාගාරයක්. ඒක හරි රළුයි, කුරිරුයි. අවසලස්නයි. සමහර වෙලාවට නහයට ගඳ එනවා. ඊට සමාන එකක තමයි අපි අද ඉන්නේ. ඒක රළු නෑ, කුරිරු නෑ. ගඳ නෑ. මරන්නේ නැහැ. නොමරා මරනවා විතරයි. ඒ වධකාගාරයෙන් අපි කොහොමද නිදහස් වෙන්නේ?. මම හිතන්නේ නැහැ තුවක්කුවලින් පුළුවන් කියලා. මම හිතන්නේ නැ දේපල විනාශ කරලා කරන්න පුළුවන් කියලා. ඒ වධකාගාරයෙන් අපිට නිදහස් වෙන්න පුළුවන් වෙයි දියුණු සමාජයක් හැටියට ලොකු කතිකාවතකට යෑමෙන් මේ රාජ්‍ය හා සමාජය ප‍්‍රතිනිර්මාණය කරන වැඩ සටහන මහජනයා අතට ගැනීමෙන්. ඒ ඇරෙන්න තෝරා ගන්න වෙනත් විකල්ප ක‍්‍රමයක් තියෙනවා කියලා මට නම් පෙනෙන්න නෑ.

මේක ධනවාදය නිසා කුණු වෙච්ච ක‍්‍රමයක් කියලා මම කියන්නේ නෑ. ධනවාදය හොඳට පවත්වාගෙන යන රටවලූත් තියෙනවා. ස්කැන්ඩිනේවියන් රටවල් මිනිස්සුන්ව බලාගන්න රටවල්  ඕන තරම් තියෙනවා. ඒ වගේම අමතක කරන්න එපා මේ සමාජවාදී අත්හදා බැලීම් වෙනුවෙන් ජීවිත පූජා කරලා තියෙන ප‍්‍රමාණය අති විශාලයි. ඒ කිසිම අත්හදා බැලීමක් සාර්ථක වුනේ නෑ. ඒ අත්හදා බැලීම් කරන්න ගිය රටවල් වල වර්තමාන තත්ත්වය ඛේදජනකයි. මම හිතනවා එවැනි අත්හදා බැලීම් අනාගතයේ අවශ්‍ය වෙන එකක් නෑ. ලංකාව අවුරුදු 5000කට විතර ලේ හළලා තියෙනවා. අවුරුදු 5000කට විතර හරියන්න දේපල විනාශ කරලා තියෙනවා. අපි කල්පනා කරමු. කොහොමද මේ තත්ත්වයේ මහජනයා ඒ තුළ ඇති කරගන්න දියුණුවක් මගින් මේ තත්ත්වයේ ගැඹුරු වෙනසක් ඇති කරගන්නේ කොහොමද කියලා.”

වීඩියෝව පහතින්....


  




2018-08-27
Advertisement

Find us on Facebook