English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මන්නාරම සමුහ මිනීවල සම්බන්ධයෙන් තාක්ෂණ හා මුල්‍යමය සහාය “OMP” කාර්යාලයෙන්
       
මන්නාරම සතොස ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීමට යාමේදී මතුවූ සමුහ මිනී වල සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ මුල්‍ය අඩුපාඩු නිසා අඩපන වන තත්වයක් ඇති උනා එහිදී OMP කාර්යාලය මැදිහත් වෙලා දිගින් දිගටම අරමුදල් සැපයු බව අතුරුදන්වූවන්ගේ කාර්යාලය වෙනුවෙන් නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

ඒ පසුගිය 23 වැනිදා අතුරුදන්වූවන්ගේ කාර්යාලය විසින් පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් විසින් මන්නාරම සමුහ මිනීවල සම්බන්ධයෙන් දිගින් දිගටම ඇසු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

තවද, “මෙම සමුහ මිනී වලේ කාලය නීර්ණය කිරීම සඳහා විශේෂඥ සහාය ලබාගැනීමට අවශ්‍ය සම්පුර්ණ සහාය OMP කාර්යාලය විසින් ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම එම මිනීවළවල් වල තිබෙන සැකිලි හඳුනාගෙන ඒ අයගේ ඥාතීන් ඉන්නවනම් OMP කාර්යාලය විසින් ඔවුන්ව දැනුවත් කිරීමටත් කටයුතු කරනවා”


  




2018-08-25
Advertisement

Find us on Facebook