English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යයන්තර දිනයේදී OMP යෙන් අතුරු වාර්ථාවක්

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන අතුුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දින සැමරුම 2018 අගෝස්තු මස 30 වන බ‍්‍රහස්පතින්දා ප.ව. 3.00 සිට 5.00 දක්වා ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්වේ.

අතුරුදහන් වූ කාර්යාලය ආරම්භ කර කෙටි කාලයදී ඔවුන් දිස්ත්‍රීක්ක ගණනාවකට ගොස් අතුරුදහන් වූවන් සම්බන්ධව තොරතුරු සොයා බැලීමක් සිදුකළ අතර ඔවුන් පළමුවතාවට අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යයන්තර දිනය සැමරීම සඳහා සූදානම් වේ. 

      

OMP කාර්යාලයට ලැබුනු  අතුරුදහන් වූ පුද්ගලයන් 2000 ක පමණ විස්තර ඇතුළත් අතුරු වාර්තාවක් එදිනට එළිදැක්වීමට නියමිත බවද අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා සඳහන් කළේය. තවද අතුරුදහන් වූ පවුල් වෙනුවෙන් ඉටුවිය යුතු සුබ සාධන ක්‍රියාවලීන්, යුක්තිය ඉටුවිය යුතු ආකාරය, ඔවුන්ගේ ගැටලූ විසඳීම ආදිය සම්බන්ධයෙන් නිර්දේශයන් මෙම අතුරු වාර්තාවට ඇතුළත් වේ.


  




2018-08-24
Advertisement

Find us on Facebook