English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අල්ලස් කොමිසමෙන් වත්කම් බැරකම් සඳහා මධ්‍යගත ආයතනයක්

අල්ලසින් සහ දූෂණයෙන් තොර රටකට අල්ලස් කොමිසම දැන් පිඹුරුපත් සකසමින් සිටියි. දැන් දැන් අල්ලස් කොමිසම දැඩි විනිවිදභාවයකින් ක්‍රියාත්මක වේ. අල්ලස් පනත පවා සංශෝධනය වෙමින් තිබේ. කොමිසමේ කටයුතු දේශපාලන බලපෑමකින් තොරව ක්‍රියාත්මක වේ.  

1988 අංක 74 දරණ පනතින් සංශෝධිත 1975 අංක 01 දරණ වත්කම් බැරකම් නීතිය වශයෙන් හැඳින්වෙන වත්කම් බැරකම් නීතිය 1994 අංක 20 දරණ (අල්ලස්) පනතින් රාජ්‍ය නිලධාරීන් වශයෙන් අර්ථකථනය කර තිබේ. දේශපාලනඥයින් හා මාණ්ඩලික මට්ටමේ රාජ්‍ය නිලධාරීන් හඳුනාගැනීම සඳහා මෙම නීතිය හඳුන්වාදී තිබේ. එය කාලයට අනුව වෙනස් විය යුතු නීතියකි. මෙම නීති සංශෝධනය කිරීමට අල්ලස් කොමිසම අල්ලස් කොමිසම විසින් මෙම නීති ද වෙනස් කිරීමට කටයුතු යොදමින් සිටියි. එයින් අල්ලස් කොමිසමට විශාල නිදහසකින් කටයුතු කිරීමට හැකි වනු ඇත. ඒ යටතේ වත්කම් බැරකම් සෙවීම සඳහා මධ්‍යගත ආයතනයක් බිහි කිරීමට ද සැලසුම් කර ඇත.

අල්ලසින් හා දූෂණයෙන් තොර රටක් බිහි කිරීමට මෙම සංශෝධනයන් ඉවහල් වනු ඇත.




2018-08-23
Advertisement

Find us on Facebook