English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මහින්දටත් දැන් අමතකයිලු

ද නේෂන් පුවත්පතේ සම කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගැනීමේ සිද්ධියට අදාලව මහින්ද රාජපක්ෂගේ සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසා තිබුණේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුට මතකයක් නැත යන්නයි. එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර තිබුණේ ප්‍රධාන සාක්කිකරුවන්ට අමතක වීමේ රෝගයක් සෑදී ඇති බවය. පසුව මෙසේ සාක්කි වසන් වීමට හේතුව කුමක්ද යන්න අවධානය යොමුකර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට කැර ඇති ප්‍රකාශයේ ඇති කරුණු සම්බන්ධයෙන් රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනවිය මෙසේ පවසා තිබේ.

එකල ආණ්ඩුවට සහ ත්‍රිවිධ හමුදාවට විරුද්ධව මාධ්‍ය හරහා බො‍හෝ දුරට විවේචනාත්මක ලිපි ප්‍රචාරය වීම සුලබ බැවින් එක් මාධ්‍යවේදියකු සම්බන්ධව තමාට විශේෂ මතකයක් නොමැති බවද, කීත් නොයාර් මහතා පැහැර ගැනීම පිළිබඳ කථානායක කරූ ජයසූරිය මහතා දුරකථන ඇමතුමක් ලබා දී පවසා සිටි බවට නිශ්චිත මතකයක් නොමැති බවද ප්‍රකාශ කර ඇත. දුරකථන ඇමතුම් විශාල ගණනක් ඒ දිනවල ලැබෙන හෙයින් එක් දුරකථන ඇමතුමක් සම්බන්ධව විශේෂ මතකයක් නොමැති බවද මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබේ.




2018-08-21
Advertisement

Find us on Facebook