English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


වැලිකඩ බන්ධනාගාරයේ නැවතත් ගැටුම්, නිලධාරීන් 8 කට තුවාල

වැලිකඩ බන්ධනාගාරයේ අද (20) සවස බන්ධනාගාර නිලධාරීන් සහ උද්ඝෝෂණයේ නියැලි සිටි රැඳවියන් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් තිදෙනෙකු සහ නිලධාරීන් අටදෙනකු තුවාල ලබා ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කලහකාරි ලෙස හැසිරුණු 52කු ද  අත්අඩංගුවට ගෙන තිබේ.

සිය මූලික අයිතිවාසිකම් ඉටු කර දෙන ලෙස හා බන්ධනාගාර ජේලර්වරියක් මාරු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 13 වැනිදා  කාන්තා රැඳවියන් පිරිසක් දින දෙකක් උද්ඝෝෂණයක් කළ අතර බන්ධනාගාර ඇමැති  තලතා අතුකෝරල මහත්මිය සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් පසු ඔවුහු උද්ඝෝෂණය නතර කළහ.

නමුත් එකගතාවකට පැමිණිමෙන් පසුවද තෙවැනි වරටත් ඊයේ (20) දහවල් යළි බන්ධනාගාර වහලය මත නැග ඇරැඹු උද්ඝෝණය අතරතුරදි එය පාලනය කිරීමට යාමෙන් පසු  බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම හටගෙන තිබිණි.




2018-08-20
Advertisement

Find us on Facebook