English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බන්ධනාගාරයට විශේෂ පොලිස් බලයක්!

බන්ධනාගාර පොලිසිය ඉදිරියේදී වඩාත් බලාත්මක ස්ථානයක් බවට පත් කරන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය ප්‍රකාශ කරයි.

තවද, "අපි දැන් බන්ධනාගාර පොලිසියක් ස්ථාපිත කරලා තියෙන්නේ. ඒක නීත්‍යානුකූල බලයක් තිබෙන ස්ථානයක් බවට පත් කරනවා, බන්ධනාගාර කටයුතුවලදී ක්‍රියාත්මක වෙන්න. ප්‍රථම වතාවට තමයි මෙවැන්නක් සිද්ධ වෙන්නේ. බුද්ධි අංශය කියන එක හදලා තියෙන්නේ 2010දී. අවුරුදු 08ක් යනකල් ඒගොල්ලෝ කරන වැටලීම් ක්‍රියාත්මක කරන දේ සම්බන්ධව කිසිම කෙනෙකුගේ වගකීමක් තිබුණේ නැහැ. ඉතිං ඕන වෙලාවට ගන්න සමහර තීරණ උසස් නිලධාරීන්ගේ අවශ්‍යතාවට, සමහර විට වටේ ඉන්න දේශපාලඥයින්ගේ අවශ්‍යතාව මත නැවැත්වූවා. එහෙම වෙන්න බැහැ. බන්ධනාගාරය තුළ නිලධාරීන් හැටියට කටයුතු කරන අය හොඳ විනයක් තියෙන අය විය යුතුයි."

පසුගියදා ඇමතිනිය මේ බව ප්‍රකාශ කර තිබුණේ මාධ්‍යවේදීන් විසින් බන්ධනාගාර බුද්ධි අංශ විසුරුවාහැරීම පිළිබඳ අමාත්‍යවරියගෙන් විමසනු ලැබූ අවස්ථාවේදීය.




2018-08-17
Advertisement

Find us on Facebook