English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“කේ පොයින්ට්” ගැන කතෘගෙන්

අගෝස්තු 21 වනදා දොරට වඩින “කේ පොයින්ට්” නව කතාව සම්බන්ධයෙන් එහි කතෘ අජිත් පැරකුම් ජයසිංහ මහතා “අයිතිය” වෙබ් අඩවිය වෙත අදහස් පළකළේය.


1989 වකවානුව තුළ මාතර දිස්ත්‍රික්කයේ මාතර බුද්ධි අංශ බාරයේ තිබු එළියකන්ද වධකාගාරයේ සිදුවූ සත්‍ය සිදුවීම් පසුබිම් කරගනිමින් හුදු වාර්තාකරණයකින් ඔබ්බට ගොස් සාහිත්‍යම වශයෙන් නවකාතාවක් ලෙස ගොඩනැගුනු කේ පොයින්ට් නවකතාව තුලින් ඒ සිදුවීම් වලට පසුබිම් වූ දේශපාලනයත්, විවරණය කිරීමට උත්සහ කරන බව එහි කතෘ අජිත් පැරකුම් ජයසිංහ මහතා පවසයි.

“ මේ නව කතාව අදට වැදගත් වෙයි කියල මම හිතනවා. මොකද වර්තමානයේදීත් නැවත වතාවක් ඒකාධිපතිවාදයක් රටට අවශ්‍යයි කියල ඉල්ලීමක් උතුරේත්, දකුණේත් තියෙනවා. අනෙක් පැත්තෙන් තරුණ ප්‍රචණ්ඩත්වයක නගිටීමකුත් තියෙනවා. මේක අපි දිගන, අම්පාර වගේ සිදුවීම් වලදීත් දැක්කා.

අද වෙනකොට බොහෝ තරුණයෝ දන්නේ නෑ අතීතයේදී ප්‍රචණ්ඩත්වය නිසා එවකට තරුණ පරපුරට මුහුණ දෙන්න සිදු වූ තත්වයන් පිළිබඳව. ඒ වගේම සමාජයට නැවතත් අමතක වෙමින් පවතිනවා තරුණ ප්‍රචණ්ඩත්වය පැණ නගින්න හේතු මොනවාද කියල. ඒ නිසා 88-89 කැරැල්ල විවරණය කිරීම තුලින් මම උත්සහ කරන්නේ තරුණ ප්‍රචණ්ඩත්වයට හේතු මොනවාදැයි විමර්ශනය කරන්න.”

එම අදහස් පහතින්....


 




2018-08-17
Advertisement

Find us on Facebook