English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


“කේ පොයින්ට්” වෙනුවෙන් “ගඟේ නොයන තරුණ දේශපාලනයක්” සංවාදය

අජිත් පැරකුම් ජයසිංහ විසින් එළියකන්ද වධකාගාරයේ සත්‍ය සිදුවීම් පසුබිම් කරගනිමින් 1989 කැරැල්ල පිළිබඳව ලියන ලද “කේ පොයින්ට්” නවකතාව පාදක කරගත් සංවාද සභාවක් 2018 අගෝස්තු 21දා, අඟහරුවාදා, ප.ව. 3.00ට කොළඹ 7, නිදහස් මාවතේ ජාතික පුස්තකාලයේදී (ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලය) පැවැත්වේ.

ගඟේ නොයන තරුණ දේශපාලනයක්” යන්නෙන් තේමා කරගත් මෙම සංවාද සභාව සඳහා කථිකයන් වශයෙන් පරම්පරා තුනක් නියෝජනය කරමින් වික්ටර් අයිවන්, උපුල් කුමාරප්පෙරුම, විදර්ශන කන්නන්ගර සහ ගීතිකා ධර්මසිංහ යන අය සහභාගී වේ.

අජිත් පැරකුම් ජයසිංහ යනු පැරා ලේඛකයෙක්, එසේම බ්ලොග් රචකයෙක් සමාජ ක්‍රියාකාරිකයෙක් හා ගුරුවරයෙකි. ඔහුගේ සමාජ අත්දැකීම් ඉතා බහුලය. ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි රැඳවියෙක් වන අතර, එහි පුරා වසරකුත් මාසයකුත් දිනක කාලයක් සිරගතව සිටියේය. මේ හැර ඔහු වෙනත් කඳවුරු වලද රඳවා තබන ලදි. මෙම කඳවුරු වලදී ඔහු බොහෝ බිහිසුණු දේවල් අත් දුටුවේය.




2018-08-16
Advertisement

Find us on Facebook