English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


රවිරාජ් ඝාතනයේ සැකකරු අත්අඩංගුවට

2008 – 2009 වර්ෂවල තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් කප්පම් ලබා ගැනීමෙන් පසුව එම පුද්ගලයන් අතුරුදහන් කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය ඇතුළු අපරාධ චෝදනා රැසකට පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවකු වන හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් ‘නේවි සම්පත්’ නම් හිටපු නාවික හමුදා සෙබලා පැය 48ක් පොලිස් භාරයේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ඊයේ (14) සවස කොටුව මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් පෙරේදා (13) කොළඹ කොටුව ලෝටස් පෙදෙසේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහු, විවිධ වෙස් ගනිමින් කලක් තිස්සේ රහසිගතව දිවයිනේ නොයෙක් ප්‍රදේශවල ජීවත්ව තිබෙන බව මේ වන විට අනාවරණ වී තිබේ.

සැකකරු පසුගිය කාලයේදී දොම්පේ ප්‍රදේශයේ වතු මුරකරුවකු වශයෙන්ද කටයුතු කර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොල්වත්තේ ගාල්ලගේ අශෝක නමින් පෙනී සිටි ව්‍යාජ ජාතික හැඳුනුම්පතක්ද පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබේ.




2018-08-15
Advertisement

Find us on Facebook