English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


වෛද්‍යවරයාට පහරදුන් ශිෂ්‍යයන් අත්අඩංගුවට නොගතහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමේ තීරණයක්

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ස්නායු දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රධානී ස්නායු විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතාට පහරදී තුවාල සිදුකර දින 10 ක් ගත වී ඇතත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ මැර ශිෂ්‍යයන් පිරිස අත් අඩංගුවට ගැනීම තවදුරටත් ප‍්‍රමාදවීම සිදුවන නිසා ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ සහකාර ලේකම් වෛද්‍ය ශෂික විතාරණගේ මහතා පැවසුවේය.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවයේ නියුතු ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ස්ථාන භාර නිලධාරී විශේෂඥ ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා පසුගිය 03 වෙනි දා මහනුවර පේරාදෙණිය - ගලහා මාර්ගයේ හිල්ඩා ඔබේසේකර මාවතේදී පේරාදෙණිය සරසවියේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකගේ ප‍්‍රහාරයට ලක්වීමෙන් බරපතළ තුවාල ලබා මහනුවර හා කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලැබීය.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුරාධපුර ශාඛාවේ වෛදවරුන් ඊයේ (13) උදැසන මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ මෙම මැර ශිෂ්‍යයන් පිරිස අත්අඩංගුවට නොගන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සිදුවන බවයි.

එහිදී වැඩිදුරටත් මාධ්‍ය දැනුවත් කළ වෛද්‍යවරයා මෙම සිද්ධියට සම්බන්ධ සිසුන් 10 - 12 ත් අතර පිරිසක් දැනට හඳුනාගෙන තිබෙනවා. දෙදෙනෙකු පමණක් මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ ජාතික අපරාධයට සම්බන්ධ සෙසු පුද්ගලයන් නිදැල්ලේ. ඔවුන්ව වහාම අත්අඩංගුවට ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා යැයි පැවසුවේය.

මේ වෛද්‍යවරයා තමයි අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම, වව්නියාව, ත්‍රීකුණාමලය, යාපනය, යන දිස්ත්‍රීක්කවලින් දරුණු අනතුරුවලට ලක්වෙලා ස්නායු ආබාධයන්ට පත්වෙන රෝහල්ගත කරන රෝගීන්ට ප‍්‍රතිකාර කළේ. අද වන විට එතුමාට රාජකාරියට වාර්තා කරන්න බැරි තරමට ඔහුගේ උරහිසට තුවාල සිදුවී තිබෙනවා. මේ නිසා අනුරාධපුර රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකය වැහිලා. මොළේ පිළිකා ලෙඩුන්, හදිසි අනතුරුවලින් හිසට තුවාල සිදුවන පුද්ගලයින්ගේ ජීවිත දැඩි අවධානමේ. 




2018-08-14
Advertisement

Find us on Facebook