English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


නඩු කඩිනම් කරන්න - සිරකාරියෝ ඉල්ලති!

මේ රටේ  ඕනෑම පුද්ගලයෙකුට උද්ඝෝෂණය කිරීමේ අයිතියක් පවතින බවත්, පසුගිය රජය සමයේ මෙන් උද්ඝෝෂණය කරන සිරකරුවන්ට මේ රජය වෙඩි නොතබන බවත්” අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අවධාරණය කළාය.

ඇමතිවරිය මේ බව අවධාරණය කළේ, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාරගත වී සිටින කාන්තා රැඳවියන් 10 දෙනෙක් තමන්ට විරුද්ධව පවරා තිබෙන නඩුවල කටයුතු ඉක්මනින් අවසන් කරන ලෙස ඉල්ලා ඊයේ (13) වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී පැවැත්වූ විරෝධතාව සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඊයේ නිවිතිගල තුත්තිරිපිටිගම පාලම ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්ව සිටියදී මාධ්‍යවේදීන් මතු කළ ප‍්‍රශ්නවලට පිළිතුරුදෙමින් ඇමතිනිය මෙසේද පැවසුවාය.” වහලය උඩ නොවෙයි කොහේ නැග්ගත් අධිකරණයේ නඩුවක් විභාග කළ යුතු පිළිවෙළක් තිබෙනවා. ඒ පිළිවෙළ කඩන්න අපිට බැහැ. ඒ වගේම කියන්න අවශ්‍යයි පසුගිය රජයේ මෙන් උද්ඝෝෂණය කරන ජනතාවට මේ රජය වෙඩි තියන්නේ නැති බව. අපි කල්පනාකාරීව ඉවසිල්ලෙන් මේ ප‍්‍රශ්නයට විසඳුමක් දෙනවා.”




2018-08-14
Advertisement

Find us on Facebook