English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


විපක්ෂ නායක ධුරයේ වෙනසක් බලා සිටි අයට කථානායක පිළිතුරු දෙයි!

පාර්ලිමේන්තුවේ දැනට පවතින විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට ව්‍යවස්ථානුකූලවත්, සම්ප්‍රදායානුකූලවත් හැකියාවක් නොමැති බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි. විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් අද (10) පාර්ලිමේන්තුවේදී සිය මතය ඉදිරිපත් කරමින් කථානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

 ආණ්ඩුවට සම්බන්ධ නොවන බහුතර ආසන සංඛ්‍යාවක් ලබාගත් විපක්ෂයේ දේශපාලන පක්ෂයට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිමි විය යුතු බව කථානායකවරයා පැවසීය. ඒ පසුගියදා විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විසින් කථානායකවරයාගේ තීරණය කුමක්දැයි යනුවෙන් ඇසූ පැනයට පිළිතුරු වශයෙනි.

ඒ අනුව විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ අදහස්ල විද්වත් අදහස්, ලෝකයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, පොදු රාජ්‍ය මණ්ඩලයේ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැඹුරින් අධ්‍යයනය කර මෙම තීරණය ප්‍රකාශ කරන බව ද කතානායකවරයා සඳහන් කළේය.




2018-08-10
Advertisement

Find us on Facebook