English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට රන්ජන් “නිවැරදිකරු” කියයි - නඩුව සැප්තැම්බර් 05 වෙනි දින

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව ලැබ සිටින නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක එකී චෝදනාවන්ට තමා නිවැරදිකරු බැව් ඊයේ ( 08 ) ප‍්‍රකාශ කළෙන් ඒ සම්බන්ධයෙන් නඩු විභාගයක් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප්, නලීන් පෙරේරා සහ ප‍්‍රසන්න ජයවර්ධන යන ත්‍රී පුද්ගල විනිශ්ය මණ්ඩලය හමුවේ එම නඩුව ඊයේ කැඳවූ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ ප‍්‍රධාන ලේඛකාධිකාරී ප‍්‍රදීප් මහමුතුගල මහතා විසින් විත්තිකාර රන්ජන් රාමනායකට එරෙහිව ඇති චෝදනා අඩංගු අධිකරණ ආඥා පත‍්‍රය ඔහු අභිමුඛයේ කියවා දෙනු ලැබීය.

අනතුරුව එකී චෝදනාවන්හි සඳහන් වරද සඳහා දඬුවම් නොකර සිටීමට හේතු ඇත්නම් ප‍්‍රකාශ කරන ලෙස ඔහුට දන්වා සිටියේය. එකී චෝදනාවන් සියල්ලටම තමන් නිවැරදිකරු බැව් විත්තිකාර රාමනායක ඒ අවස්ථාවේදී ඊට ප‍්‍රතිචාර දක්වමින් ප‍්‍රකාශ කර සිටියේය.

ඒ අනුව එකී චෝදනාවන් සම්බන්ධයෙන් විභාග කිරීම සඳහා නඩු විභාගයක් පැවැත්වීමට තීරණය කළ විනිසුරු මඬුල්ල සැප්තැම්බර් 05 වෙනි දින එම නඩුව කැඳවීමට දින නියම කළේය.




2018-08-09
Advertisement

Find us on Facebook