English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


සන්නද්ධ බුද්ධි බලකායේ දෙදෙනෙකුට මරණ දඬුවම

අත් අඩංගුවේ සිටි සැකකරුවෙකු මිය යාම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයකින් පසුව යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩික්සන් රාජමන්ත්‍රී හා එම බලකායේ සෙබළෙකු වන සැරයන් ප්‍රියන්ත රාජකරුණා යන අයට ඊයේ (08) ත්‍රීකුණාමලය මහාධිකරණ විනිසුරු එම්.ඉලංවේලියන් මහතා විසින් මරණ දඩුවම නියම කරනු ලැබීය.

සක්‍රීය රාජකාරීමය තත්ත්වයන් යටතේ හමුදා සේවයේ ඉහළ නිලධාරියෙකුට මරණ දඬුවම නියම වූ පළමු අවස්ථාව මෙයයි. 1998 සැප්තැම්බර් 10 වෙනි දින යාපනය කෝපායි පොලිස් වසමට අයත් තිරුනල්වේලිහිදී අත්අඩංගුවට ගත් ඥානසිංහම් ඇන්ටන් ගුණසේකරම් යන අයගේ මරණය සම්බන්ධයෙන් 51 වැනි සේනාංකයට අයත් යාපනය 512 බලසේනා මූලස්ථානයේ එවකට රාජකාරි කළ බුද්ධි බළකායේ නිලධාරීන් තිදෙනෙකු කෝපායි පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබිනි.

සැකකරුගේ මිය යාම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ බුද්ධි බළකායේ නිලධාරීන් තිදෙනාට එරෙහිව කෝපායි පොලිසිය විසින් යාපනය මහාධිකරණයේ නඩු පවරා තිබූ අතර පසුව සැකකරුවන්ගේ ඉල්ලීම මත එම නඩුව අනුරාධපුර මහේස්ත‍්‍රාත් අධිකරණයේ විභාගයට ගනු ලැබීය.

මෙම නඩුව විභාග වෙමින් පැවතියදී නීතිපති විසින් අධිචෝදනා ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන්ගේ ඉල්ලීම මත නඩුව ත්‍රීකුණාමලය මහාධිකරණයේ විභාගයට ගනු ලැබීය.

දීර්ඝ නඩු විභාගයකින් පසුව මෙම මරණය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකරුවන් තිදෙනාගෙන් කර්නල් රෙජිනිි බර්තලමියුස් මහතා සියලූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරනු ලැබූ අතර සෙසු දෙදෙනා සියලූ චෝදනාවලට වැරදිකරුවන් වූ හෙයින් මරණීය දඬුවම නියම කරනු ලැබීය.

(උපුටා ගැනීම මව්බිම 2018 අගෝස්තු 09 වෙනි දින)




2018-08-09
Advertisement

Find us on Facebook