English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හානිපූරණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පතේ වගන්ති 2 ක් ව්‍යවස්ථාවට පටහැනියි - ශ්‍රේෂ්ඨාධිකරණය

පීඩාවට පත්වූවනට වන්දි ගෙවීම පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ”හානිපූරණය සඳහා වන කාර්යාලය” පනත් කෙටුම්පතෙහි වගන්ති දෙකක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර ඇතැයි කථානායක කරූ ජයසූරිය පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පතෙහි පීඩාවට පත්වූවන් යනුවෙන් දක්වා ඇති අර්ථ නිරූපන දෙකක් මෙසේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී ඇත. ”පීඩාවට පත්වූවන් ” යනු කවරෙක්දැයි යන්න හා ජිනීවා සම්මුතියට අනුව මෙම පනත් කෙටුම්පතෙහි දක්වා ඇති අර්ථකථනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇත. පනත් කෙටුම්පතෙහි 27 (අ) යන එම වගන්තියට අමතරව, 27 (අ) 111 වගන්තිය ද ව්‍යවස්ථාවට පටහැනි බව එහි දක්වා ඇත.

එම වගන්තියෙන් කියැවෙන්නේ පීඩාවට පත් තැනැත්තන් ලෙස ශ්‍රී ලංකාවේ පුද්ගල, කණ්ඩායම් හෝ ජන කොට්ඨාසවල අයිතිවාසිකම් පද්ධතිමය වශයෙන් දැඩි ලෙස උල්ලංඝනයවීමේදී පීඩාවට පත්වූවන් වෙයි. මෙම වගන්ති දෙක ව්‍යවස්ථාවට අනනුකූල වන නිසා ඊට පක්ෂව දෙන ලද ඡන්ද සංඛ්‍යාව නොපැමිණි මන්ත්‍රීවරුන්ද ඇතුළුව තුනෙන් දෙකකට අඩු නොවිය යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කථානායකවරයාගේ නිවේදනයෙහි සඳහන් වේ.

එහෙත් එම වගන්ති දෙක ශ්‍රේෂ්ඨාධිකරණය විසින් යෝජනා කර ඇති පරිදි සංශෝධනය කළහොත් මෙම අනනුකූලතාව ඉවත්ව යන බවද ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ඇත. මෙම පනත් කෙටුම්පතෙහි අනෙකුත් වගන්ති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණ දැනුම් දී ඇත. 




2018-08-08
Advertisement

Find us on Facebook