English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


හිටපු ජනපතිනි අල්ලස් කොමිසමට!
නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය තවත් එවැනි පුවතකට සම්බන්ධවී තිබේ. එනම් නාගරික සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාට එරෙහිව අල්ලස් කොමිසමට යාමට සැරසීමත් සමගය. එනම් අත්තනගල්ල ප‍්‍රදේශයේ සිදුකරන ලද ජල ව්‍යාපෘතියකදී මුදල් අවභාවිතාවක් සිදු වූ බව පවසමිනි.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ රාවුෆ් හකිම් මහත්වරු මෙම ජල ව්‍යාපෘතිය බිලියන 35 කට ඇස්තමේන්තු ගත කර ආරම්භ කර තිබේ. පසුව මේ සම්බන්ධයෙන් ජනාධිපතිනිය සිදු කළ සොයා බැලීමකදී අණාවරණය වී ඇත්තේ වියදම 18 ක් බවයි. ඇය මේ සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත.

පසුගිය රජය සමයේ සිදුවූ මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් වත්මන් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දන්වා ඇතැත් කිසිඳු පියවරක් ගැනීමට ඔවුන් අපොහොසත්ව ඇත. මේ නිසා අල්ලස් කොමිසම වෙත මෙම පැමිණිල්ල සිදු කිරීමට හිටපු ජනාධිපතිනිය පියවර ගෙන ඇත.




2018-08-08
Advertisement

Find us on Facebook