English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ඥානසාර හිමි නඩුව අද : උන්වහන්සේ රෝහලේ

මාධ්‍යවේදී ප‍්‍රගීත් එල්නැළිගොඩගේ නඩුව හෝමාගම මහාධිකරණයේදී විභාගවෙමින් සිටියදී ඊට බාධාවෙන අයුරින් හැසිරීමෙන් උසාවියට අපහාසයක් කළායැයි ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහි අභියාචානාධිකරණය හමුවේ විභාග වූ නඩු තීන්දුව අද (08) උදේ ප‍්‍රකාශ කිරීමට නියමිතය.

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව නඩුව ගොනු කළේ 2016 වසර මුලදී හෝමාගම මහේස්ත‍්‍රාත්වරයා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසිනි.

අභියාචනාධිකරණයේ සභාපති ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන විනිසුරුවන් විසින් මෙම නඩුව විභාග කරන ලදි.

තීන්දු අද තිබියදී ගලබොඩ අත්තේ ඥානසාර හිමියන් ඊයේ (07) වෙනි දින වකුගඩු ශල්‍යකර්මයකට යැයි කියමින් රෝහල්ගතව තිබේ.




2018-08-07
Advertisement

Find us on Facebook