English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්බන්ධන්ට

ආර්.සම්බන්ධන් මහතා විපක්ෂ නායකධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් කිසිඳු විරෝධයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහා ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කතානායක කරූ ජයසූරිය මහතාට දැනුම් දී ඇති බවට වාර්තා වේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහාලේකම්වරයා එසේ කතානායක කරූ ජයසූරිය මහතාට යොමු කළ ලිපිය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයින් ඊයේ (06) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය. මහින්ද අමරවීර මහතා ප‍්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය ලෙස ලිපියක් යොමු කර තිබුනද, ඊට 08 දෙනෙකු පමණක් අත්සන් කර තිබූ නිසාත්, ඉතිරි බහුතර පිරිසකගේ මතය පැහැදිලිව ඉදිරිපත් නොවූ නිසාත්, පලාත් පාලන නියෝජිත පිරිසක් විපක්ෂ නායක ලෙස කුමාර වෙල්ගම මහතා පත් කරන ලෙස ඉල්ලා තිබු නිසාත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ නායකයින් මේ පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කළ බවයි.




2018-08-07
Advertisement

Find us on Facebook