English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මන්නාරම සමූහ මිනිවළේ කැනීම්වලට අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයෙන් ප‍්‍රතිප‍්‍රදාන

මන්නාරම සතොස ගබඩා සංකීර්ණය අසලින් හමු වූ සමූහ මිනිවළේ ඉදිරි කැණීම් කටයුතු කරගෙන යාම සඳහා අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කොමිෂන් සභා කාර්යාලය මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදෙන බව ඊයේ (6) එම කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මාධ්‍යයට පැවසීය.

මන්නාරම සතොස ගබඩා සංකීර්ණය ආශ‍්‍රිතව සිදු කළ කැණීම්වලදී මේ වන විට මිනිසුන් 66 දෙනෙකුට අදාළව කොටස් මතු වී තිබේ. මෙම අස්ථි කොටස් කුමන කාලයකට අයිති දැයි තවමත් නීර්ණය කර නොමැති හෙයින් මේ සම්බන්ධයෙන් අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ මැදිහත්වීම අවශ්‍ය බවට ඉල්ලීමක් ලැබී ඇති අතර ඒ ඉල්ලීම අනුව මෙසේ ප‍්‍රතිපාදන ලබාදීමට තීරණය කර ඇති බව අතුරුදහන් වූ පුද්ගලයන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් උතුරේ ආරක්ෂ අංශ සමාජිකයන් කියා සිටින්නේ එම කාර්යාලය විදේශීය රාජ්‍ය නොවන සංවිධානවල මුදල්වලින් යැපෙන බැවින් එම මුදල් ලබාගෙන මෙම කැණීම් සිදු කළහොත් පසුව සමූහ මිනිවළෙන් සොයාගත් ඇටසැකිලි සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන විසින් වෙනත් අර්ථකථනයක් ලබාදිය හැකි බවයි.

මෙහිදී අයිතිය අවධාරණය කරන්නේ අතුරුදහන් වූ පුද්ගයන් පිළිබඳ කාර්යාලය ස්වාධීන රාජ්‍ය ආයතනයක් බවත් ඊට අරමුදල් සැපයෙන්නේ රජයෙන් බවත් මේ විවේචකයන් නොදන්නා බවයි. මිනිවලවල් තවත් ඉදිරියේදී මතුවිය හැකි බවත්, නිදොස් පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් කිසිඳු බියක් ඇති කර නොගත යුතු බවයි.




2018-08-07
Advertisement

Find us on Facebook