English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


විගණන පනත සම්මතයි!

දැඩි ලෙස විවාදයට තුඩු දුන් සහ ප‍්‍රගතිශීලී ජනතාව බලාපොරොත්තුවෙන් සිටි විගණන පනත සංශෝධන සහිතව අගොස්තු මස 05 වන දින පාර්ලිමේන්තුවේදී සම්මත විය. ගරු අග‍්‍රාමාත්‍යවරයා සහ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා විසින් මෙම පනත ඉදිරිපත් කරන ලදි.

විගණන කොමිෂන් සභාවේ බලතල, කාර්ය හා කර්තව්‍යය විධිවිධාන සැලැස්වීම සඳහාද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා විගණන සේවය පිහිටුවීම සඳහා ද විධි විධාන සැලැස්ම මෙමගින් අපේක්ෂා කෙරේ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිවරයාගේ කාර්යභාරය නිශ්චිත දැක්වීම ද මෙමගින් සිදුවේ.

විනිවිද දැක්වෙන, වගවෙන, වගකියන රාජ්‍ය මූල්‍ය පද්ධතියක් වෙනුවෙන් මෙවැනි පනතක අවශ්‍යතාවයක් තිබුනි. නමුත් මෙහි ඇතුළත් විය යුතු බොහෝ වැදගත් දේ අතරමගදී වෙනස් වුනු බවටද අදහසක් පවතී.




2018-08-06
Advertisement

Find us on Facebook