English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


කව්ද මේ “ඒඑච් 94”?

මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් තවත් හමුදා නිළධාරියෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. ගිරිතලේ රහසිගත බුද්ධි කඳවුරට අනුයුක්තව සේවය කළා යැයි කියන මෙම හමුදා මේජර්වරයා හැඳින්වෙන්නේ “ඒඑච් 94” යන අන්වර්ථ නාමයෙනි.

මෙම අතුරුදන්වීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම විසින් මීට පෙර අත්අඩංගුවට ගත් කර්නල් සිරිවර්ධනගේ නිවස පරීක්ෂා කිරීමේදී එක්නැළිගොඩ මහතා පළමුවරට පැහැර ගැනීම සම්බන්ධයෙන් ගිරිතලේ බුද්ධි අංශ කඳවුර විසින් සකස් කළ වාර්තාවක් හමු වී තිබේ. අදාල වාර්තාව කොළඹට රැගෙන විත් එහි ඉදිරි කටයුතු සිදුකර ඇත්තේ මෙකී හමුදා මේජර්වරයා විසින් බවයි වාර්තා වන්නේ.

එක්නැළිගොඩ මහතා පැහැරගෙන යාමට “ඒඑච් 94” නමැති මේජර්වරයා සෘජුවම සම්බන්ධ බවට මේ වනවිට පොලිස් පරීක්ෂණවලින් හෙලි වී තිබේ.

රහස් පොලීසිය මෙම අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මේජර්වරයා පිළිබඳව තොරතුරු හෙලි කරන්නැයි දිගින් දිගටම යුද හමුදා බුද්ධි අධ්යක්ෂකවරයාගෙන් ඉල්ලා තිබිණි. කෙසේ වෙතත් හමුදා බුද්ධි අංශය මීට පෙර ප්‍රකාශ කළේ එවැනි හමුදා නිළධාරියෙකු ගිරිතලේ කඳවුරේ සේවය නොකළ බවයි.

අධිකරණය හරහා දිගින් දිගටම සිදුකළ ඉල්ලීම් හේතුවෙන් අදාල හමුදා නිළධාරියා පිළිබඳ තොරතුරු හෙළි කිරීමට සිදු වූ අතර පසුගිය ජුනි 19 වැනිදා එම තොරතුරු අධිකරණය ඉදිරියේ හෙළිදරව් විය.

එම හෙළිදරව් කිරීමට අනුව රහස් පොලිස් නිළධාරීන් විසින් මේ වනවිට පරීක්ෂණ සිදු කරමින් සිටින අතර ඉදිරියේදී ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත වේ.


උපුටාගැනීම - ලංකා නිව්ස් වෙබ්




2018-08-05
Advertisement

Find us on Facebook