English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


ජාතී හා ආගම් වාදයට එරෙහිව විපක්ෂයෙන් පුලූල් පෙරමුණක්
පසුගියදා අලූත්ගම සහ බේරුවල යන ප‍්‍රදේශයන් හි ඇති වූ වර්ගවාදී කෝලහලයටන්ට නැවත ඉඩ නොතැබීමත්, ආගමික අන්තවාදයකට රට ඇදගෙන යාම වැලැක්වීමත් සදහා අන්තර් ආගමික පූජක තුමන්ලා ඇතුලූ  විපක්ෂයේ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන නියෝජිතයන් හා කළාකරුවන්ගේ හදිසි රැස්වීමක් විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැදවා තිබේ.

මෙම විශේෂ රැස්වීම ජුනි 26 වන දින සවස 3ට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතව තිබේ.  මෙහි දී අලූත්ගම හා බේරුවල ප‍්‍රදේශයන් හි සිදු වූ සිද්ධින් පිළිබදව සත්‍ය තොරතුරු ගවේශණය කිරීමත්, මෙවැනි තත්ත්වයක් නැවත ඇති වීම වැලැක්වීම සදහා එක්සවත්ව ගත හැකි කි‍්‍රයාමාර්ගයන් පිළිබදව විශේෂ අවධානයක් මෙම සාකච්ඡවේ දී යොමු කළ යුතු බවට, නිදහසේ වේදිකාවේ කැදවුම්කාර මණ්ඩල සභික බි‍්‍රටෝ ප‍්‍රනාන්දු මහතා අයිතිය කළ විමසීමකදී පැවසීය.



2014-06-25
Advertisement

Find us on Facebook