English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


බන්ධනාගාරයට එස්.ටී.එෆ් එක බහී

බන්ධනාගාර ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට බන්ධනාගාර අමාත්‍යංශය පියවර ගෙන ඇත. බන්ධනාගාර තුළට රහසිගතව රැගෙන යන තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් එසේ යෙදවීමට පියවර ගෙන ඇති බවද දැනගන්නට තිබේ.

මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් පසුගිය 01 වැනිදා පෙරවරුවේ වැලිකඩ, කොළඹ රිමාන්ඩ් හා මැගසින් බන්ධනාගාර වෙත පැමිණ ඇති බව ද බන්ධනාගාර ආරංචි මාර්ගවලින් දැනගැනීමට තිබේ.

බන්ධනාගාරයට ඇතුළු වන සියලූම දෙනා දැඩි පරීක්ෂාවට ලක් කිරීම මෙම නිලධාරීන් වෙත පැවරී ඇති රාජකාරිය බවද ඔවුන් බන්ධනාගාර ප‍්‍රධාන දොරටුවල ආරක්ෂාව සඳහා පළමුව යොදවා අවශ්‍යතා මත බන්ධනාගාරයේ වෙනත් ආරක්ෂාවන් ඔවුන්ට බාරදීමට තීරණය වී ඇති බව ද එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

හදිසියේ කෝටිපතියෙකු වූ බන්ධනාගාර බුද්ධි අංශය බාර නිලධාරියා ගැන පරීක්ෂණයක්

සිරකරුවන් හා මත්ද්‍රව්‍ය අලෙවි කරන විවිධ ජාවාරම්කරුවන් සමග සමීප සබඳතා පවත්වමින් කෝටි ගණනින් මුදල් උපයාගෙන ඇති බව කියන බන්ධනාගාර බුද්ධි අංශය භාරව සිටි නිලධාරියෙකුට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව එකී දෙපාර්කමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරය තුළ මෙතරම් දූෂණ අක‍්‍රමිකතා සිදුව ඇත්තේ එකී නිලධාරියාගේ එම දූෂිත ක්‍රියාකලාපය නිසා බවද අනාවරණය වෙයි. මෙකී නිලධාරියා විවිධ සිරකරුවන් සමග පවත්වා ඇති සබඳතා හා විවිධ මත් කුඩු ජාවාරම්කරුවන් සමග සිදුකර තිබෙන දුරකතන සංවාද පිළිබඳව මේ වන විට විමර්ශන සිදු කරන කණ්ඩායම් කරුණු අණාවරණය කරගෙන ඇති බවද දැන ගන්නට තිබේ. මෙම නිලධාරියාට එරෙහිව ඇති චෝදනා හඳුනාගෙන ඔහුට එරෙහිව උපරිම දඩුවම ලබාදෙන ලෙසට අමාත්‍යවරිය අදාළ විමර්ශන අංශවලට දන්වා ඇති බව ද දැනගැනීමට තිබේ. 




2018-08-02
Advertisement

Find us on Facebook