English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මන්නාරම සමූහ මිනිවළේ අස්ථි කොටස් කාල නීර්ණය සඳහා ඇමෙරිකාවට

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල තිබූ ස්ථානයෙන් හමු වූ සමූහ මිනිවළ තුළින් සොයාගත් අස්ථි කොටස් අතර කුඩා දරුවෙකුගේ සහ වැඩිහිටි පුද්ගලයෙකුගේ මිනිස් අස්ථි කොටස් කාබන් පරීක්ෂාව සඳහා ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ පිහිටි රසායානාගාරයක් වෙත යැවීමට අධිකරණ අමාත්‍යංශය හරහා ඉල්ලීමක් කළ කරන බවත් කැණීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එස්.රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැගිල්ල කඩා දැමීමෙන් අනතුරුව ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප‍්‍රදේශයේ පස් ගොඩක තිබී මාර්තු 26 වැනි දා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාල ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබිණි.

මේ වන විට සමූහ මිනීවළ තුළින් පුද්ගලයන් 60 දෙනෙකුට අයත් අස්ථි කොටස් හමුවී ඇති අතර මෙසේ සොයාගත් අස්ථි කොටස් වලින් මිනිස් සිරුරු 40 කට අයත් කොටස් කැණිම් මඟින් ඉවත් කර ගනු ලැබ තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු වලට එක් වූ කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමු වූ මිනිස් අස්ථි කොටස් සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් තවමත් සිදුකොට නොමැති බවයි. 




2018-08-02
Advertisement

Find us on Facebook