English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බන්ධනාගාර ලොක්කෝ මාරු කරයි.

බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් පළමු පෙළ හා දෙවන පෙළ ජේලර්වරුන් 12 දෙනෙකු වහාම ක්‍රියාත්මකවන පරිදි මාරු කර යවා තිබේ. අමාත්‍ය තලතා අතුකෝරල මහත්මියගේ නියෝගය පරිදි මෙසේ සිදු කර ඇත.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වසර කිහිපයක් තුළ සම්පූර්ණ කිරීමේ අරමුණින් අවශ්‍ය මානව සම්පත සුදුසු පරිදි ස්ථානගත කිරීම සඳහා මෙම මාරු කිරීම් අත්‍යවශ්‍ය බව අමාත්‍යවරිය පවසන්නීය.

ඒ අනුව නිලධාරීන්ගේ කාර්ය සාධන තත්ත්වය හා පවතින තොරතුරු පදනම් කර ගනිමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව හොඳ මට්ටමකට ගොඩනැංවීම මෙහි අරමුණ බව අමාත්‍යවරිය පවසන්නීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ විවේචන එල්ලවෙමින් පවතී. ජනාධිපතිවරයා බන්ධනාගාරය තුළ සිටිමින් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයන්හී යෙදෙන දැනටමත් මරණීය දණ්ඩනය එල්ල වූවන්ට මරණීය දණ්ඩනය නියම කිරීමට යෝජනා කිරීමත් සමග මේ තත්ත්වය ඇති විය. සමාජයේ පැතිර යන අදහස නම් බන්ධනාගාරය තුළ සිට ඔවුන් එවැනි දේ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් වගකිව යුතු බවයි.




2018-08-02
Advertisement

Find us on Facebook