English      |      සිංහල      |      Articles      |      Interviews      |      Features      |      Foreign      |      Videos      |      Contact Us
  
Share |   


ඩොලර් කෑ ජාලියට විවෘත වරෙන්තු
පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ ඇමරිකානු ඩොලර් තුන්ලක්ෂ තිස්දෙදහසක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (31) විවෘත වරෙන්තු නිකුත් කළාය.

තවද, අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ජාලිය වික්‍රමසූරිය මහතා වෙනුවෙන් අධිකරණයෙහි ඇප තැන්පත් කර සිටින ඒ මහතාගේ බිරිඳට සහ සහෝදරියකටද වරෙන්තු නිකුත් කල අතර, මෙම සිද්ධියට අදාළව සිදු කළ පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක්ද මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීහු ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.

සැකකරු ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සාවද්‍ය ලෙස කෝටි ගණනින් මුදල් පරිහරණය කොට විවිධ පරිබාහිර පුද්ගලයන් නීතිවිරෝධී අයුරින් විදේශගත කිරීම සහ තානාපති කාර්යාලයේ අලුත්වැඩියාවට වෙන් කළ මුදල් වංචනිකව ලබා ගැනීම යන වැරදිවල නිරත වී තිබේ.

පැමිණිල්ල ලබන 27 වැනි දින යළි කැඳවීමට නියමට නියමිතය.




2018-08-01
Advertisement

Find us on Facebook