English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අල්ලස් දූෂණය විෂය පාසැල් විෂය පද්ධතියට

අල්ලස් හා දූෂණයන් ගැන ජනතාව අතර වැඩි දැනුමක්, අවබෝධයක් ඇති කර ලීම සඳහා අල්ලස් හා දූෂණයන් පාසැල් විශය මාලාවන්ට ඇතුළත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශයත් අල්ලස් හා දූෂණ කොමිසමත් සාකච්ඡා පවත්වමින් සිටියි. අල්ලස් කොමිසම විසින් දැනට පාසැල් සිසුන් දැනුවත් කිරීම සඳහා සම්මන්ත‍්‍රණ මාලාවක් පවත්වාගෙන යන අතර, මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අල්ලස් හා දූෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා මෙසේද පැවසීය.

”විශ්ව විද්‍යාලවල නීති පීඨවල විෂයක් විදියට අල්ලස හා දූෂණය මැඩලීම සම්බන්ධයෙන් ඉගැන්වීම වැදගත්. නීතිඥ වෘත්තියේ නිරත හුඟ දෙනෙකු තුළ අල්ලස හා දූෂණය සම්බන්ධයෙන් දකින්න තිබෙන්නේ එතරම් සතුටුදායක තත්ත්වයක් නෙමෙයි. ශ්‍රී ලංකාවේ නීති සාහිත්‍යය තුළ මේ විෂයට තිබෙන්නේ දුගී තැනක්. කොහොම නමුත් අල්ලස හා දූෂණය පාසැල් විෂයක් විදියට හඳුන්වා දීමේදී එය සරලව ආකර්ශණීය විදියට කළ යුතු වෙනවා. මේ නිසා විවිධ පාර්ශ්ව සමඟ දැනටමත් ඒ පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ වගේම ඉක්මනින්ම මෙම විෂය උසස් පෙළ සහ විශ්ව විද්‍යාල සිසුන්ගේ විෂය අතරට ගෙන යා හැකි වේ යැයි සිතනවා.”   

19 වෙනි සංශෝධනය යටතේ බිහිවුනු අල්ලස් හා දූෂණ කොමිසම අනෙක් කොමිසම් හා සාපේක්ෂව බැලීමේදී ක්‍රියාකාරිත්වය පිළිබඳව සමාජයෙන් චෝදනා එල්ල වූ කොමිසමකි. ජනතාව දැන්වත් කිරීම අත්‍යවශ්‍ය බව එම කොමිසමට වැටහීම අගය කළ යුතුය. පාසැල් ළමුන් පමණක් නොවේ සමාජයේ විවිධ ස්ථරයන් නියෝජනය කරන පිරිස් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම කළ යුතුවේ. අල්ලස හා දූෂණය මුල් බැසගත් සමාජයක එය තුරන් කිරීමට පුළුල් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුවේ. 




2018-07-30
Advertisement

Find us on Facebook