English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


බැසිල්ගේ අධිකරණ අහෝසි කතාවට විරෝධය
යහපාලන ආණ්ඩුව විසින් පසුගිය රජය සමයේ සිදුවූ දූෂණ හා අපරාධ විසඳීම සඳහා පිහිටුවන ලද විශේෂ අධිකරණ තමන්ගේ රජයක් යටතේ අහෝසි කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා විසින් කරන ලද ප‍්‍රකාශය ගැන විරෝධයක් මතු වෙමින් තිබේ. පසුගිය රජය සමයේ සිදුවු දූෂණ හා අපරාධ සෙවීම සම්බන්ධයෙන් මන්දගාමී ස්වභාවයක් පවතින බවට මතු වූ විරෝධතාවයන් නිසා රජය එවැනි දූෂණ, අපරාධ සෙවීමට විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමට තීරණය විය. එයින් පළමුවැන්න ඉතා ඉක්මනින් වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

විශේෂ අධිකරණ පිහිටුවන්නේ නීතියක් සම්මත කිරීමෙන් වන අතර, එය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගැටළුවක් නොමැති බවත්, ගැටලූව වන්නේ යුක්තිගරුක පුරවැසියන්ට එය අනුමත කිරීම කළ නොහැකි බව එක් පාර්ශ්වයක අදහස වී තිබේ. අධිකරණ වෙනස් කිරීම පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් වන අතර දේශපාලකයන්ගේ කතාවන් සම්බන්ධයෙන් කලබලවීමට හේතුවක් නැති බව තවත් පාර්ශ්වයක අදහස වෙයි. එවැනි සද්භාවයෙන් ආරම්භ කරන ලද අධිකරණයන් අහෝසි කිරීමට යෝජනා කිරීම ඒකාධිපති ස්වභාවයක් අදහසක් වන අතර, එය නැවතත් දූෂණ, අපරාධයන් කිරීමට ඉඩ හසර ලබාදීමක් වේ.




2018-07-30
Advertisement

Find us on Facebook