English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


නඩු පැවරීමේ බලයක් තවමත් අල්ලස් කොමිසමට ලැබී නැහැ

තම ‍කොමිසමෙන් අපේක්ෂිත අරමුණු ඉටු කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බවත් ඒ හේතුවෙන් බාධා රැසක් ඇති වෙමින් තිබෙන බවත් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (28) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අනාවරණය විය.

එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සරත් ජයමාන්න මහතා මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභවෙන් එන සාක්ෂි මත රැඳිලා නඩු පැවරීමේ බලයක් තවමත් අල්ලස් කොමිසමට ලැබී නැහැ. අල්ලස් කොමිසමට සිදු කළ හැක්කේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් සාක්ෂිකරුවන් නැවත ගෙන්වා දෙවනි වරටත් සාක්ෂි ලියා ගැනීම පමණක් බවත් ය.

අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ වැටුප වැඩි නොකරන්නනේ නම් අල්ලස හා දූෂණය තුරන් කරන්නේ කෙසේද?” යනුවෙන්ද ඒ මහතා ප්‍රශ්න කළේ ය.

පැරණි ගොඩනැඟිල්ලේ කොටසක් කඩාවැටී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන්ගෙන් කොටසක් වෙනත් ස්ථානයක සිටින බවත් අලුත් නිලධාරීන් බඳවා ගන්නේ නම් නව ගොඩනැගිල්ලක් අවශ්‍ය බවද ඒ මහතා පැවසීය.

එවැනි ගොඩනැඟිල්ලක් සඳහා අවසර ලැබී ඇතතත් නාගරික සංවර්ධන අධිකාරිය එයට හරස් වී ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.  

උපුටා ගැනීම - www.lankatruth.com                  




2018-07-29
Advertisement

Find us on Facebook