English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“අපේ රටේ සමස්ථ ආදායම බිල් ගේට්ස්ගේ තනි ආදායමටත් වඩා අඩුයි” – නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ

“අපේ රට අවරුදු 30 ක යුද්ධයකට භාජනය වූ රටක්. 1980 දශකයේ ජාපනය තීන්දු කළා ජපානයේ තිබෙන වෙළඳ ව්‍යාපාර වෙන රටකට ගෙනයන්න. එකට තෝරාගෙන තිබුණේ ලංකාව. 83 කලබල ආවයින් පසු ඔවුන් ලංකාවට එන එක නැවැත්තුව.  අපේ රටේ ආදායමෙන් භාගයක විතර ආයෝජනයක් එහෙම පිටින්ම නැවතුනා. ඒ ආයෝජනය කෙලිම ගියේ තායිලන්තයට. යුද්දේ නිසා අපේ රට අවරුදු 30ක් ආපස්සට ගියා.”

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා ඒ අදහස් ප්‍රකාශ කලේ ඊයේ (26) ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව හා සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරන ලද මහජන මන්ත්‍රණ සභාවට එක්වෙමිනි. එය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී පැවැත්විය.

තවද, “අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 80 යි. ලෝකේ පෝසත්ම පුද්ගලයා වන බිල් ගේට්ස්ගේ ආදායම ඩොලර් බිලියන 88 යි. ඒ කියන්නේ අපේ සමස්ථ රටම ලෝකේ තනි පුද්ගලයෙක්ටත් වඩා දුප්පත්.” යැයිද පැවසීය.

එම වීඩියෝව පහතින්...


  




2018-07-27
Advertisement

Find us on Facebook