English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


අනුරාධපුරයේ මයුරිට මහරැ ජීවිත තර්ජන ? ට‍්‍රැක් කිට්ස් වලින් එන්නේ කවුද ?
ඊයේ රාත‍්‍රියේ, එනම් සැප්තැම්බර් 06වනදා රාත‍්‍රි 11 30 ට පමණ කළු රෙදි කඩකින් මුහුණ වසාගත් තනි කළු ඇදුමින් සැරසුණු හැඩි දැඩි සිරුරක් හිමි පුද්ගලයෙකු මයුරිගේ නිවසට ඇතුළු වෙන්නට උත්සාහා දරා ඇති අතර ඇගේ අවධානය යොමුවීමත් සමඟම එම පුද්ගලයා ඉදිරිපස ගේට්ටුවෙන් පැන ගිය බවත් නිතරම මෙවැනි ජීවිත තර්ජනවලට ඇයට මුහුණ දෙන්නට සිදුවි ඇති බවත් මයුරි ඉනෝකා අයිතියට ප‍්‍රකාශ කළේය.

සෑම මසකම 02වනදා පවත්වනු ලබන උද්ඝෝෂණයෙන් පසුව එළඹෙන දිනකදි මධ්‍යම රාත‍්‍රියේදි තමන්ගේ නිවසට පැමිණෙන ආගන්තුකයෙකු තමන් සහ අහිංසක දරුවන් බියගැන්විමෙහි නිරත වෙන බව පවසන මයුරි ඉනෝකා, පසුගිය මාසයේදි එසේ පැමිණි පුද්ගලයා මධෂ්කව සොයන එක නතර කර නොදැම්මොත් තමන්වත් දරුවන්වත් මරා දමන බවට තමන් නිදාගන්නා කාමරයේ ජනේලය ලඟ සිට තර්ජනයකර පළාගිය බව පවසයිි.

ඊයේ රාත‍්‍රියේ දි ද එනම් සැප්තැම්බර් 06වනදා, රාත‍්‍රි 11.30 ට පමණ කිසිවෙක් නිවස අසළ සීරුවෙන් ඇවිදින බවත් වරෙක වහලයේ නැග සිටින බවත් තමන්ට දැනූන අතර එක් අවස්ථාවකදි පිටුපස ජනේලය මඳක් විවෘතකර බලන විට, ඒ සමීපයේ කළු රෙදි කඩකින් මුහුණ වසාගත් තනි කළු ඇදුමින් සැරසුණු හැඩි දැඩි සිරුරක් හිමි පුද්ගලයෙකු බිත්තියට හේත්තු වී සිටිනු තමන් හොදින්ම දුටූ බවත්, ඉන් බියට පත්වු තමන් දුරකථනය ඔස්සේ කිහිප දෙනෙකුම අමතමින් සිදුවීම ගැන ප‍්‍රකාශකරමින් සිටියදි ඉන් මඳ වේලාවකට පසුව එම පුද්ගලයා ඉදිරිපස ගේට්ටුවෙන් පැන පාර දිගේ ඉදිරියට දුවගෙන ගිය බවත් ගේට්ටුවෙන් ඔහු පනිනවාත් සමගම ඈතින් නවතා තිබු වාහනයක ආලෝකය දැල්වුණු බවත් මයුරි ඉනෝකා අයිතියට ප‍්‍රකාශ කළේය.

තවද, ව්‍යායම් කරන අවස්ථාවල අඳිනු ලබන දිග් අතට සුුදු ඉරි දෙකක් සහිත දිගු කලිසමක් සහ කළු පැහැති අත් කොට කමිසයක් හෝ ටී ෂර්ටයකින් එම පැමිණි පුද්ගලයා සැරසී සිටි බව ද ඇය පවසයි.
 

මයුරිගේ නිවසෙහි ඉදිරිපස ප‍්‍රධාන දොරෙහි අගුල සිය දරුවෙකුගේ ඇඳුමකින් ඔතා තිබූ බව මයුරිගේ දුරකථන පණිවුඩ ඔස්සේ සිය නිවසෙට පැමිණි මධුෂ්කගේ සොයුරන් විසින් දැක අත.

මෙම අද්භූත ආගන්තුකයා සිය නිවෙස අසළ සිටින විටදි 119 ආමන්ත‍්‍රණය කර කඩිනම්ව උදව් ඉල්ලා සිටිය ද ඉන් කිසිඳු පිහිටක් නොලැබුණු බව ද මයුරි ඉනෝකා අයිතියට ප‍්‍රකාශ කළේය.


සුගිය වසරේ(2013) සැප්තැම්බර් මස 02වන දා සවස රාත‍්‍රී ආහාරයද රැගෙන නිවෙසට පැමිණෙමින් සිටි අනුරාධපුරයේ මධුෂ්ක හරිස් ද සිල්වා යන විවාහක තරුණයා ”අපි පොලිසියෙන්” යැයි තමන්ගේ අනන්‍යතාවය තහවුරු කරුනු ලැබු අවි ගත් පිරිසක් විසින් දැත්වලට මාංචු දමා සුදු වෑන් රථයකින් තවත් යහළුවන් දෙදෙනෙකු සමගින් පැහැරගෙන ගියේය. සැළකිය යුතු පහරදීම්වලින් අනතරුව යහළුවන් දෙදෙනා පසුව නැවත එවනු ලැබූ අතර මධුෂ්ක හරිස් ද සිල්වා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් නොමැත.

එහෙත්, මධුෂ්කව එදින රාත‍්‍රියේදිම පුත්තලම දක්වා ගෙන ගිය බව තමන් දන්නා බවට  අනුරාධපුර පොලීසියේ ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් සේනාරත්න පැමිණිල්ල දැමීමට ගිය මයුරි ඇතුළු පවුලේ ඥාතීන්ට පවසා තිබුණි.

එතැන් පටන්, පැහැරගනු ලැබූ මධුෂ්කගේ බිරිඳ වන මයුරි ඉනෝකා විසින් සිය සැමියා සෙවීමෙහි නොනවතින උත්සාහායක නිරත වෙයි. සැම මසකම 02වෙනිදා මයුරි සිය නිවුන් දරු දෙදෙනා ද සමඟින් විථී බැස පොලීසිය විසින් පැහැරගනු ලැබූ මධුෂ්කට සාධාරණය කළයුතු යැයි මොරගසා උද්ඝෝෂණ ව්‍යාපාරවලද යෙදෙන අතර ඒ සඳහා කොළඹ මානව හිමිකම් සංවිධානයක් වන රයිට් ටු ලයිෆ් ආයතනය සහ අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුව මෙන්ම ක‍්‍රිස්තියානි සහයෝගිතා ව්‍යාපාරයද සහය දක්වයි. මධුෂ්කගේ පවුලේ ඥාතින් හා යහළුවෝද මෙදිනට මධුෂ්ක වෙනුවෙන් වීථි බැස උද්ඝෝෂණයට එක් වෙති.
-MMP



2014-09-07
Advertisement

Find us on Facebook