English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


මුස්ලිම් කාන්තාව රටේ පොදු නීතිය ඉල්ලයි.

වසර හැටඅටක් පැරණි මුස්ලිම් විවාහ සහ දික්කසාද නීතිය මගින් කාන්තාවන් අසාධාරණයට ලක්වන බව පවසා උද්ඝෝෂණයක් පාර්ලිමෙන්තුව ඉදිරිපිටදී පසුගිය 24 වැනිදා සිදු කෙරුණා. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මුස්ලිම් කාන්තාවන්ට ද රටේ පවත්නා සාමාන්‍ය නීතිය යටතේ  ක්‍රියාකරන ලෙසයි.

මුස්ලිම් විවාහ හා දික්කසාදවීමේ නීතිය මුස්ලිම් කාන්තාවන්ට විශේෂිත වූ නීතියකි. රටේ පොදු නීතියේ විවාහ වීමේ අවම වයස අවරුදු 18 කියල දැක්වුවාට මුස්ලිම් නීතිය තුල වැඩිවියට පැමිණි දැරිවියකට තමන්ගේ අකමැත්තෙන් උවද විවාහ වීමට සිදුවේ. ඔවුන්ගේ “කාති” නම් උසාවියේ නඩු අහන්නේ පිරිමි පාර්ශවයයි. දික්කසාද නඩු වලදී පවා මුස්ලිම් කාන්තාවන්ට නොදන්වා නඩු දැමීම හා නඩත්තු ගෙවීම් වැනි කාරනා වලදී ගැටළු රාශිකට මුහුණ පෑමට සිදුවේ.  කෙසේ වෙතත් ඔවුන් ඉල්ලන්නේ මුස්ලිම් කාන්තාවටත් සාධාරණය ඉටුවෙන නීතියක් අවශ්‍ය බවයි.

දෙදහස් නවය වසරේ මෙම නීතිය සංශෝධනය සදහා පත් කෙරුණු විනිසුරු සලිම් මරුසුඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව මේ වන විට එළිදක්වා තිබේ. එහෙත් මේ වාර්තාව සදහා කමිටුවේ සියලු දෙනාගේ එකගතාවය පළවී නොමැත.

මේ පිළිබද පසුගිය 24 වනදා පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් පවත්වා තිබේ. කෙසේ වෙතත් මෙම සාකච්ඡාවට මුස්ලිම් මන්ත්‍රීවරුන් මෙන්ම ජමතුල්ලා සංවිධානයේ නියෝජිතයන් එක්ව සිටියත් මේ සදහා කිසිදු කාන්තාවකට ආරාධනා කර නොතිබිණි.




2018-07-25
Advertisement

Find us on Facebook