English      |      සිංහල      |      Articles      |      Interviews      |      Videos      |      Contact Us
  
Share |   


මරණ දඬුවම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පමණයි!
GSP සහන නොලැබුණත් තීන්දු වී ඇති පරිදි මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය තීරණය කර ඇති බවත්, මෙම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ තීන්දුව අදාළ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වන හෙයින් එය නතර කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත්, රජය වෙනුවෙන් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධවී බන්ධනාගාරගතව සිටියදීත් එම ජාවාරම සිදුකරමින් සිටින පුද්ගලයන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක වන බව කියා සිටි රාජිත සේනාරත්න මහතා පැවසුවේ බන්ධනාගාර තුළ පුනරුත්ථාපනයවීමට ඔවුන් සුදානම් නැති හෙයින්, දැඩි තීන්දුවකට පැමිණීමට සිදුවූ බවත්, මත්ද්‍රව්‍ය ජාවාරමට සහය දෙන බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන්ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත්, අමාත්‍යවරයා පවසයි.

තවද, බන්ධනාගාර තුළ මෙම ජාවාරමට සහය ලැබෙන අන්දම අනාවරණ කර ගැනීම සඳහා පොලිසිය හා විශේෂ කාර්ය බලකාය කටයුතු කරමින් සිටින බවත්, මේ වන වට බන්ධනාගාර තුළ හිඳිමින් මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරමින් සිටින පුද්ගලයන් 19 දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා අද (25) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මෙම අදහස් පළකළේය.




2018-07-25
Advertisement

Find us on Facebook