English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“පුනුරුත්ථාපනය නොවී දේශපාලනයට පැමිණි හමුදා නිලධාරීන්ට, අනෙක් සියළු දෙනා පේන්නේ දේශ ද්‍රෝහීන් විදියට” - පිලිප් දිසානායක

“යුදමය තත්වයන් තිබු රටක ආයුධ ගත්තු සියලු පාර්ශවයන් පුනුරුත්ථාපනය කරලා තමයි සමාජ ගත කරන්නේ. නමුත් අවාසනාවකට අපේ රටේ පහුගිය කාලේ සමහර හමුදා නිලධාරීන් පුනුරුත්ථාපනය නොවී තමයි සමාජගත වුනේ. ඔවුන් ඒ විධියට සමාජ ගත වුනා පමණක් නොව, දේශපාලනයටත් යොමු උනා. ඒ නිසා ඔවුන්ට දැන් ඔක්කොම පේන්නේ දේශ ද්‍රෝහීන් විදියට” බව පිලිප් දිසානායක මහතා පවසයි.

තවද, “මානව හිමිකම් කොමිෂන් සභාවත්, ප්‍රගතිශීලී මිනිස්සුත් දේශ ද්‍රෝහීන් වෙලා. ඔවුන් එල්ලා මරා දැමිය යුතුයි, කියන තැනට හිටපු හමුදා නිලධාරීන් අදහස් ඉදිරිපත් කරන තැනට පත්වෙලා.

ව්‍යාපාර කටයුතු වලදී පවා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් හා මානව හිමිකම් කියන දේ අද ලෝකේ දියුණු රටවල් බලනවා. ඒවා නැති රටකට දියුණු ලෝකයත් එක්ක ගනු දෙනු කරන්න බැරි තත්වයක් තියෙන්නේ

දියුණු ව්‍යාපාර ලෝකත් එක්ක ගණුදෙනු කිරීම සඳහා ලබා දී තිබු සහනයන් පවා පසුගිය රෙජීමයෙ ක්‍රියා කාරීත්වය නිසා අපට අහිමි උනා. නමුත් නැවතත් එම සහනයන් දිනා ගන්නට මේ රජයට හැකියාව ලැබුනා. ඒ මානව හිමිකම් කොමිසමත් මේ රජයත් කරගෙන ගිය කටයුතු නිසයි. නැවත මේ සහන ගිලිහි නොයෑමටනම් සිවිල් හා දේශපාලන පිලිබඳ ප්‍රඥප්තිය, වධහිංසාවට එරෙහි ප්‍රඥප්තිය හා ළමා අයිතිවාසිකම් කියන මේ ප්‍රඥප්ති තුනම ආරක්ෂා කරගත යුතුයි.”

ඔහු ඒ අදහස් ප්‍රකාශ කලේ පසුගිය 20 වැනිදා කොළඹ පැවති සිවිල් සමාජ එකමුතුව විසින් සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

එම වීඩියෝව පහතින්...


  




2018-07-23
Advertisement

Find us on Facebook