English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


දෙමළ කවිය ත් ප‍්‍රශ්න කිරීම්වලට ?

උතුරේ අවසන් සටන් වලදී "අනූනවයෙන් දිවි බේරුනු" දමිළ ජාතික කතෝලික පූජකතුමෙකු විසින් රචිත දමිළ කවියක් ආරක්‍ෂක අංශවල ප‍්‍රශ්න කිරීමට ලක්වී ඇතැයි සාමය හා යුක්තිය වෙනුවෙන් ක‍්‍රියා කරන ශ‍්‍රි ලංකා කැම්පේන්ග් කණ්ඩායම වාර්තා කරයි.

ගරු පියතුමා විසින් රචනා කරනු ලැබු "ජිවිත සටහන්" ලෙසට සිංහල භාෂාවට පරිවර්ථනය වන දමිළ බසින් රචිත එම කවිය ශ‍්‍රී ලංකාවේ ත‍්‍රස්තවාදි ක‍්‍රියා විමර්ශන ඒකකයේ(ටී.අයි.ඞී.) ප‍්‍රශ්න කිරීම්වලට ලක් වී ඇත.

පසුගිය බදාදා යාපනය රදගුරු මැදුරට පැමිණි ත‍්‍රස්තවාදි ක‍්‍රියා විමර්ශන ඒකකයේ(ටී. අයි. ඞී.) නිළධාරීන් තිදෙනෙකු විසින් පියතුමා විසින් රචිත එම කවිය පිළිබඳව දීර්ඝ වේලාවක් ප‍්‍රශ්නකර ඇති බවත් පියතුමා විසින් කවියේ සටහන්කර තිබෙන 2009 වසරේ අවසන් මාසවලදි පැවැති යුද්දයේදි තමන් විසින් සියැසින් දුටුවේ යැයි සඳහන් පාසැල්වලට සහ දේවස්ථානවලට හෙළනු ලැබූ ඒරියල් බෝම්බ ප‍්‍රහාර පිළිබඳව ඔවුන්ගේ ප‍්‍රශ්න කිරීම එල්ලවී ඇතැයි ශ‍්‍රි ලංකා කැම්පේන්ග් කණ්ඩායම සඳහන් කරයි.

එමෙන්ම, ගරු පියතුමාගේ කවියේ සටහන් පෙර යුධ කළාපයක් ලෙසට පැවති ඒ 9 මාර්ගය පුරාම අලූතින් ඉඳිකර තිබෙන බුදුන් වහන්සේගේ රූප පිළිබඳව ද ප‍්‍රශ්න කිරිම්වලට ලක් වී ඇත.

මෙය යුද්දයෙන් පසුව පාරම්පරික දමිළ පළාත් තුළ සිංහලකරණය සහ හමුදාකරණය ස්ථාපිත කර ඇති ආකාරයේ එක්තරා අංශයක් යැයි ශ‍්‍රි ලංකා කැම්පේන්ග් කණ්ඩායම පෙන්වා දෙයි.

කිළිනොච්චියේ පාසැල් තුනක විදුහල්පතිවරුන්ව ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් පොතක් සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරිම්වලට ලක්කරමින් සිටින බව ද සාමය හා යුක්තිය වෙනුවෙන් ක‍්‍රියා කරන ශ‍්‍රි ලංකා කැම්පේන්ග් කණ්ඩායම වාර්තා කරයි.
-MMP



2014-09-06
Advertisement

Find us on Facebook