English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


පීඩිත එල්.ටී.ටීඊ තරුණයින් පුනුරුත්තාපනය වෙද්දී, කේ.පී ලා නිදැල්ලේ ඉඳීමෙන් කොයි තරම් දුරට මේ සංහිඳියාව ක්‍රියාත්මක වෙයිද? - හර්මන් කුමාර

“උතුරේ තරුණ කොටස් එල්.ටී.ටීඊ ය විසින් බලහත්කාරයෙන් අරගෙන ගිහිල්ලා අත්අඩංගුවට පත් වුනාම, ඔවුන්ව සැලකුවේ එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් හැටියට. හැබැයි සියළු කාරණා කරන්න මැදිහත් වෙච්ච ප‍්‍රභාකරන්ගේ නායකත්වය අවසන් වූ පසුව ක්‍රියාකළ කේ.පී. අදත් එවැනි කිසිම ප‍්‍රශ්නයක් නැතුව ජීවත්වෙනවා. එතකොට මේ ජනතාවට හැගීමක් එන්නේ නැද්ද, “අපිව බලහත්කාරයෙන් අරන් ගිහිල්ලා මේ වගේ දෙයක් කරලා තියෙද්දී දකුණේ මිනිස්සු අපිට සලකන්නේ මේ විදියට නම් ඇයි දකුණේ මිනිස්සු කේ.පී. වගේ අය ගැන කතා කරන්නේ නැත්තේ...?” කියලා ප‍්‍රශ්නයක් ඇහැව්වොත් කොයි තරම් දුරට මේ සංහිඳියාව ක්‍රියාත්මක වෙයිද? සමාජයේ විවිධ පීඩිත ස්ථාරයන් ගැන අපි කතා කරන්න  ඕන වරප‍්‍රසාද ගත් අය ගැන අවධානය යොමු කරමින්.”

83 ජූලි සිදුවීමට අවුරුදු 35 ක් පිරීම නිමිත්තෙන් අයිතිය වෙබ් අඩවිය ගෙන යන දැනුවත් කිරීමේ මාධ්‍ය වැඩසටහනට සම්බන්ධ වු ධීවර සහයෝගීතා ව්‍යාපාරයේ හර්මන් කුමාර මහතා අදහස් දක්වමින් එසේ අදහස් පළකළේය.

තවද, “මේක බරපතල තත්ත්වයක්. මේ සංහිඳියාව ගැන අපි කොච්චර කතා කලත් අවසානයේදී අන්තවාදී කොටස්වලට වෛරය පතුරවලා, ජනතාව පොළොඹවලා, මෙවැනි ජනතාව බේද කරන කොටස්වලට අදත් සමාජයේ නිදැල්ලේ හැසිරීමට ඉඩදීම හරහා මේ ස්වභාවය තවත් වර්ධනය වෙනවා.

සිවුරු පොරවාගත් ආගමික නායකයින්, නැත්නම් ආගමික පිරිස් මේ සඳහා විශාල වෛරයක් වපුරනවා. මේ වන විට මුස්ලිම් ජනතාවට විරුද්ධව ඒ වෛරය වපුරනවා. ඒක අලූත්ගමදිත්, දිගනදිත්, සහ මඩකලපුවෙදීත් අපි දැක්කා. මේ රටේ මේ වගේ ක්‍රියාකාරකම් නිදැල්ලේ කිරීමට ඉඩ දිම හරහා සිංහල ජනතාව පිළිබඳව දෙමළ ජනතාවගේ, මුස්ලිම් ජනතාවගේ ඒ වෛරයන්, සැකයන් තවත් වර්ධනය කරනවා. අපි සමාජයක් හැටියට මේ ගැන කතා කළ යුතු වෙනවා. සංහිඳියා යාන්ත‍්‍රණය කියලා අපි කතා කර කර ඉඳලා හරියන්නේ නෑ. සංහිඳියාව ගැන තියෙන නිර්දේශ ක්‍රියාත්මක කරන්න කොයිතරම් දුරට අපි සූදානම්ද?”

වීඩියෝව පහතින්.....


  




2018-07-18
Advertisement

Find us on Facebook