English      |      සිංහල      |      Articles      |      Interviews      |      Pictures      |      Videos      |      Contact Us
  
Share |   


“අසූ තුනේදී සිංහල සමාජය වෙත වැටුණු කළු ලප ඉවත් කරන්නට තවමත් පාලකයින්ට උනන්දුවක් නෑ” - ජයතිලක බණ්ඩාර (VIDEO)

83 කළු ජූලිය තුලින් පාඩම් ඉගෙන ගන්න තිබ්බා මුළු මහත් සමාජයටම. මේ රටේ බුද්ධිමතුන්ට කලාකරුවන්ට, දේශපාලනඥයින්ට, පාලකයින්ට පාඩම් ඉගෙන ගන්න තිබ්බා. නමුත් ඔවුන් ඒතුලින් පාඩම් ගෙන ගත්ත බවක් පෙනෙන්නේ නෑ. එදා සිංහල සමාජය මත මතුවෙච්ච කළුලප මකා දමන්නට කිසිඳු උත්සාහයක් ගත්තේ නෑ. දිගින් දිගටම තුවක්කු, වෙඩි බෙහෙත්, බෝම්බ වලින් මෙය මර්ධන කරන්නට යෑම තුළ වසර 30 ක දිග්ගැස්සුනු යුද්ධයක් බවට මෙය පත් වෙනවා.

ඒ යුද්ධය තුලින් සිංහල, දෙමළ, මුස්ලිම් සමාජය කණපිට හරවනවා. මිනිස්සු මැරුණා විතරක් නෙමෙයි, ගෙවල් දොරවල් අහිමි වුනා විතරක් නෙමෙයි, මම හිතන්නේ ඒ යුද්ධය විසින් මිනිස්සුන්ගේ ආත්මය විනාශ කලා. මිනිස්සුන්ගේ තිබුනු මනුස්සකම් විනාශ කලා. මිනිස්සු මළ මිනී ගණන් කරන මිනිසුන් බවට පත්වුනා. අද දක්වා පැතිරී ඇති ප‍්‍රචණ්ඩත්වය, හොරමැරකම්, මේ පැතිරී ඇති අමනුස්සකම්, දූෂණ සඳහා වගකිව යුත්තේ ඒ දිග් ගැහුණු යුද්ධය කියල මට හිතෙනවා.

අද යුද්ධය ඉවරයි තමයි. අපි බලාපොරොත්තුවෙන් හිටියා යුද්ධය ඉවර වුනායින් පස්සේ වත් එයින් පාඩම් ඉගෙන ගනීවිද කියලා. අපිට එහෙම දෙයක් දැනෙන්නේ නැහැ. තුවාල සුව කරන්නට හදවත්වල ඇතිවුනු වේදනාවල් සමනය කරන්නට ගන්නා උත්සාහයක් අපට පෙනෙන්නට නෑ. ඒවා එකවරෙක සිවුරට බය වීම නිසාත්, තවත් වරෙක හමුදා සෙබළුන්ගේ නිල ඇඳුමට බය වීම තුළත් පාලකයින් දෙමළ ජනතාවට සිදු කළ යුතු, ඔවුන් බලයට එන විට ඔවුන් ලංකර ඇති මාධ්‍යවලින් ආණ්ඩුවේ පාලකයොත් ඉවත් වන ස්වභාවයක් අපට දැනෙනවා. මේ තත්ත්වය දිගින් දිගට ගියොත් තවදුරටත් දෙමළ සමාජය තුළ නොයෙක් පිපිරීම්, විස්වාසබංගයන් ඇතිවීම තුළ නැවත වරක් යුද්ධයක පෙර නිමිති පහළ විය හැකිව තිබෙනවා. මම හිතන්නේ වගකිව යුතු මිනිස්සු විදියට, තව දුරටත් අනාගත පරම්පරාවට නැවත එවැනි ඛේදවාචකයක්, ලේ වැගිරීමක්, බෝම්බ පුපුරන සමාජයක්, මළමිනි ගණන් කරන සමාජයක් ඇති නොකිරීමට නම් අසූතුනේ කළු ජුලියෙන් ඉගෙන ගත්ත පාඩම් හරියටම තේරුම් ගනිමින් සංවාදයක් ඇති කරගනිමින් දෙමළ සමාජය වෙත සහෝදරත්වයේ දෑත් වචනවලින් පමණක් නොවෙයි, එය ක්‍රියාත්මකව භාවිතා කරමින් බලයේ කොටස්කරුවන් බවටත්, ඔවුන් අපේ සහෝදරයින් බවටත්, ඔවුන්ට සිදුවූ වැරදිවලට, සමාවක් අයදිමින් වැරදි නිවැරදි කරගැනීමක් සිදුකළ යුතු යයි මම විශ්වාස කරනවා.

1983 ඇති වූ කළු ජූලියට වසර 35 ක් පිරෙන මේ මොහොතේ ඒ වෙනුවෙන් අයිතිය වෙබ් අඩවිය විසින් ජයතිලක බණ්ඩාරයන් සමඟ කල සාකච්ඡාවකින් උපුටා ගන්නා ලද්දකි.  

එම වීඩියෝව පහතින්...


  




2018-07-17
Advertisement

Find us on Facebook